AFC Banner
Empty Ad
Empty Ad

රුසියාවට ඔත්තු බැලූ තල්මසා මියගිහින්

රුසියාව විසින් ඔත්තු බැලීම සඳහා පුහුණුකළ බව කියන බෙලූගා වර්ගයේ තල්මසා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට අයත් රටවල නාවික කටයුතු සම්බන්ධයෙන් ඔත්තු බැලීම සඳහා ‘ව්ලැදිමීර්’ නැමැති මෙම තල්මසා රුසියාව විසින් යොදවා සිටි බවටයි තොරතුරු වාර්තා වන්නේ.

නෝර්වේ රාජ්‍යයේ නිරිතදෙසින් පිහිටි රිසාවිකා නැමැති වෙරළාශ්‍රිත නගරයට ඔබ්බෙන් මුහුදේ තිබී මෙම තල්මසාගේ සිරුර හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මෙම සත්වයාගේ මරණයට හේතුව නිශ්චිතවම තවමත් තහවුරු වූ නොමැති අතර, එය තහවුරුකර ගැනීම සඳහා තල්මසාගේ සිරුර මරණ පරීක්ෂණයක් යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පසුගිය වසර කිහිපයක සිට අවස්ථා ගණනාවක දී යුරා්පා රටවලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ තු මෙම තල්මසා නාවිකයන්ට නිරීක්ෂණය වී ඇති අතර, එලෙස හමුවන විට සත්වයාට කුඩා කැමරා සවිකර තිබූ කරපටියක් යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?