AFC Banner
Empty Ad
Empty Ad

නිල ඡන්ද පත්‍රිකා අද තැපෑලට – බෙදාහැරීම හෙට සිට ඇරඹේ

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා අද (02) දිනයේ දී තැපෑලට භාරදීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව හෙට (03) දිනයේ සිට නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම වෙනුවෙන් තැපැල් සේවකයින් 8000ක පමණ පිරිසක් යෙදවීමට නියමිත බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ.

මේ අතර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අනිද්දා (04) ආරම්භ වනවා.

තැපැල් ඡන්දය සලකුණු කිරීම වෙනුවෙන් 04,05,06 යන දින තුන වෙන්කර ඇති අතර, එම දිනවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට 11 සහ 12 යන දින දෙක ඡන්දය සලකුණු කිරීමට අමතර දිනයන් ලෙස ලබා දී තිබෙනවා.

තැපැල් ඡන්දය සලකුණු කිරීම පෙරවරු 8.30ත් 4.30ත් අතර කාලය තුළ සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?