වසර 33ක් ලෝඩ්ස් පිටියේ තබා තිබූ ශ්‍රී ලංකා අභිමානය ගිලිහෙයි

එංගලන්ත කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දැවැන්ත පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකාවට ඊයේ (01) සිදුවුණා.

ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ශ්‍රී ලංකාව පරාජය කරමින් එංගලන්තය ජයගත්තේ ලකුණු 190 කින්.

ඒ, අනුව දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ශූරතාව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ජයගන්නට එංගලන්තයට හැකියාව ලැබුණා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 33කට පසු ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ලැබූ පළමු පරාජය ලෙසය මෙම තරග පරාජය ඉතිහාසයට එක් වුණා.

එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සිය පළමු ඉනිම අවසන් කළේ කඩුලු සියල්ල දැවී ලකුණු 427ක් ලකුණු පුවරුවට එක්කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 196ක් රැස් කළා.

ඒ, අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 231ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹූ එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 483ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය දෙවන ඉනිම වෙනුවෙන් සියල්ල දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 292ක් පමණයි.

ඒ, අනුව මෙම තරගයෙන් එංගලන්තයට ලකුණු 190ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි වුණා.

මෙම තරගයේ දී ශතකයක් සමඟ ඉනිම් දෙකේදී ම කඩුලු 07ක් බිඳ දැමීමට සමත් වූ ස් ඇට්කින්සන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
9
+1
11
+1
1
+1
9
+1
9
+1
15
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23