යුක්‍රේන ඩ්‍රෝන් ප්‍රහාරයෙන් රුසියානු බලශක්ති බලාගාර දෙකක ගින්නක්

යුක්‍රේනය – රුසියාවට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර රැසකින් රුසියානු බලශක්ති බලාගාර දෙකක ගින්නක් හටගෙන තිබෙනවා.

රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, යුක්‍රේනියානු ඩ්‍රෝන යානා 158 කට වැඩි ප්‍රමාණයක් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු හමුදාව කියා සිටින්නේ එම ඩ්‍රෝන යානා විනාශ කළ බවයි.

නමුත් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස මොස්කව්හි තෙල් පිරිපහදුවක තාක්ෂණික කාමරයක ගින්නක් හටගෙන ඇති බව එම නගරයේ නගරාධිපතිවරයා පවසනවා.

මේ අතර, රුසියානු අගනුවර සිට සැතපුම් 75 ක් (කිලෝමීටර් 120 ක්) දුරින්, ට්වර් කලාපයේ, කොනකෝවෝ විදුලි බලාගාරයට සමීපව විශාල පිපිරීම් ශබ්දයක් ඇසී තිබුණා.

කොනකොව්ස්කි දිස්ත්‍රික්කයේ ප්‍රහාරයක් නිසා ඇති වූ ගින්න මැඩපවත්වා ඇති බව එම කලාපයේ ආණ්ඩුකාර ඉගෝර් රුඩෙන්යා පවසනවා.

මොස්කව් කලාපයේ කෂිරා බලාගාරයට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස ගින්නක්, හානියක් හෝ ජීවිත හානි කිසිවක් සිදු නොවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43