සූර් වූ අයෙක් තියුණු ආයුධයකින් බෙල්ලට අනියි – පහර කෑ පුද්ගලයා මහමග මියයයි

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ සර්වෝදය මංසන්ධිය අසල පිහිටි රට බීම හලක් ඉදිරිපිටදී (15) පුද්ගලයෙකු හට තියුණු ආයුධයකින් බෙල්ල ප්‍රදේශයට පහරදී ඝාතනය කර ති‌බෙනවා.

මෙසේ ඝාතනය කර ඇත්තේ ඌව පරණගම බ්‍රෙෆින් වතුයායේ පදිංචි වයස අවුරුදු 37 ක එක් දරු පියෙක්.

මිය ගිය තැනැත්තා අසල පිහිටි තැබෑරුමෙන් සුරා පානය කොට තවත් පුද්ගලයින් පිරිසක් සමග ප්‍රධාන මාර්ගය අසල කතා බහ කරමින් සිටියදී මෙම තියුණු ආයුධයෙන් පහරදීමට ලක්ව තිබෙනවා.

සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තැනැත්තා වැලිමඩ දිවුරුම්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

දෙදෙනා අතර සිදුවු බහින්බස් වීමකින් පසු මෙම පහර දීම සිදු කර ඇති බව මූලික පොලිස් විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරුද මේ අවස්තාවේ බීමත්ව සිට ඇති අතර සැකකරු විසින් මිය ගිය පුද්ගලයා හට පහර දෙන අයුරු CCTV දර්ශන වල සටහන් වී තිබෙනවා.

එහිදී පෙනී යන්නේ පහර කෑ පුද්ගලයා බෙල්ල ප්‍රදේශය අතකින් වසාගෙන දිවයන අයුරුයි.

කෙසේ වුවද පසුව ඔහු මාර්ගයේම මිය ගොස් ඇති අතර සැකකරු එම ස්ථානයේ සිටි අනෙක් අය හටද පහර දීමට උත්සාහ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

CCTV දර්ශන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09