සුපිරි ක්‍රීඩක ජොකොවිච් ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියෙන් එළියට විසිවෙයි

ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියෙන් නොසිතූ මොහොතක එළියට විසිවීමට ලොව සුපිරිතම ටෙනිස් තරුවක් වන නොවැක් ජොකොවිච්ට සිදු වුණා.

ඒ, තුන්වන වටයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇලෙක්සි පොපිරින් හමුවේ අනපේක්ෂිත පරාජයකට මුහුණදීමට සිදුවීමත් සමඟයි.

වත්මන් ඔලිම්පික් ශූරයා මෙන්ම ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන සර්බියාවේ නොවැක් ජොකොවිච් මෙම තරගය පරාජය වුණේ තරග වට 6-4ක් 6-4ක් 2-6ක් සහ 6-4ක් ලෙසයි.

ජොකොවිච් පරාජය කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇලෙක්සි පොපිරින් මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 28 වන ස්ථානයේයි.

37 හැවිරිදි වියේ පසුවන සර්බියාවේ නොවැක් ජොකොවිච් මෙලෙස ජයග්‍රහණයකින් තොරව එක්සත් ජනපද විවෘත තරගාවලියෙන් ඉවත්ව යන්නේ වසර 18 කට පසුවීම විශේෂත්වයක්.

එමෙන්ම මොහුට 2017 වසරෙන් පසු ප්‍රථම වරට ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණයකින් තොරව වසරක් අවසන් කිරීමට සිදුව තිබීම ද විශේෂත්වයක්.

මේ අතර සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස්ට ද මෙවර ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්ව යාමට සිදු වුණා.

ප්‍රංශ විවෘත සහ විම්බල්ඩන් ජයග්‍රාහකයා වූ අල්කරාස් දෙවැනි වටයේ දී ශ්‍රේණිගත කිරීම් හි නොමැති ඕලන්ද ක්‍රීඩක බොටික් වැන් ඩි සැන්ඩ්ස්චුල්ප් හමුවේ පරාජයට පත්වීමෙන් පසුවයි ඔහුට තරගාවලියෙන් ඉවත යෑමට සිදුවුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39