AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි ක්‍රීඩක ජොකොවිච් ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියෙන් එළියට විසිවෙයි

ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියෙන් නොසිතූ මොහොතක එළියට විසිවීමට ලොව සුපිරිතම ටෙනිස් තරුවක් වන නොවැක් ජොකොවිච්ට සිදු වුණා.

ඒ, තුන්වන වටයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇලෙක්සි පොපිරින් හමුවේ අනපේක්ෂිත පරාජයකට මුහුණදීමට සිදුවීමත් සමඟයි.

වත්මන් ඔලිම්පික් ශූරයා මෙන්ම ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන සර්බියාවේ නොවැක් ජොකොවිච් මෙම තරගය පරාජය වුණේ තරග වට 6-4ක් 6-4ක් 2-6ක් සහ 6-4ක් ලෙසයි.

ජොකොවිච් පරාජය කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇලෙක්සි පොපිරින් මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 28 වන ස්ථානයේයි.

37 හැවිරිදි වියේ පසුවන සර්බියාවේ නොවැක් ජොකොවිච් මෙලෙස ජයග්‍රහණයකින් තොරව එක්සත් ජනපද විවෘත තරගාවලියෙන් ඉවත්ව යන්නේ වසර 18 කට පසුවීම විශේෂත්වයක්.

එමෙන්ම මොහුට 2017 වසරෙන් පසු ප්‍රථම වරට ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණයකින් තොරව වසරක් අවසන් කිරීමට සිදුව තිබීම ද විශේෂත්වයක්.

මේ අතර සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස්ට ද මෙවර ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්ව යාමට සිදු වුණා.

ප්‍රංශ විවෘත සහ විම්බල්ඩන් ජයග්‍රාහකයා වූ අල්කරාස් දෙවැනි වටයේ දී ශ්‍රේණිගත කිරීම් හි නොමැති ඕලන්ද ක්‍රීඩක බොටික් වැන් ඩි සැන්ඩ්ස්චුල්ප් හමුවේ පරාජයට පත්වීමෙන් පසුවයි ඔහුට තරගාවලියෙන් ඉවත යෑමට සිදුවුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?