නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්ට කළ තර්ජනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලිපියක්

ආයෝජන ව්‍යාපෘතියට වෙන් කළ ඉඩම ලබාදෙන ලෙස බල කරමින් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාට සිදුකරන ලද තර්ජනයක්, සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස පවසමින් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

එහිදී පළාත් හිටපු ආණ්ඩුකාරවරියකගේ සැමියා යැයි පවසන පුද්ගලයෙකු ඉකුත් (28) දින තමන්ට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලබාදුන් බවයි නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ඩි.ඒ.පි. දනන්සූරිය මහතා පවසන්නේ.

නුවරඑළිය – අඹේවෙල ප්‍රදේශයේ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා වෙන් කළ අක්කරයක ඉඩමක් ලබානොදෙන්නේ නම් මැතිවරණයෙන් පසු තමන් පිළිබඳව දැඩි තීරණයකට එළඹෙන බව ද එම ඇමතුම ලබාදුන් පුද්ගලයා පවසා තිබෙනවා.

හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියාට බදු පදනමක් මත හිමිව තිබූ බව පවසන ඉඩමක් වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරීමෙන් පසු එම ඉඩමට යාබදව පිහිටි අක්කරයක පමණ වපසරියකින් යුත් ඉඩමක් ලබාදෙන ලෙස එම ඇමතුම ලබාදුන් පුද්ගලයා පවසා තිබුණා.

ආණ්ඩුකාරවරියගේ සැමියා යැයි පවසන පුද්ගලයා විසින් තමන්ගෙන් ලිඛිතව ඉල්ලිමක් කර තිබූ බවත්, එවැනි ඉඩමක් ලබාදීමට තමන්ට නීත්‍යානුකූල බලයක් නොමැති බවත් එය එම පුද්ගලයාට ලිඛිතව දැනුම් දුන් බවත් ප්‍රාදේශිය ලේකම්වරයා පවසනවා.

පසුව නුවරඑළිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව මේ පිළිබඳව පැමිණිලි කල ප්‍රාදේශීය ලේකම්වරයා තමන්ට දුරකථන ඔස්සේ තර්ජනය කළ බවට නුවරඑළිය මූලස්ථාන පොලීසියට ද පැමිණිලි කර තිබුණා.

මෙම තර්ජනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක් පොලිස්පතිවරයාට යොමු කර තිබෙනවා.

එහි පිටපත් ජනාධිපති ලේකම්, සභාපති මැතිවරණ කොමිෂන් සභාව සහ ලේකම් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත ද යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

04 1
05
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව තමන්ට වෙන නීතියක් විරුද්ධ පක්ෂයට වෙන නීතියක්..අපි ළඟදිම ගල් අඟුරු කොමිසමට යනවා
05:21
Video thumbnail
ලොරි රථයක් ලංගම බසයක වැදී සිදුවූ බිහිසුණු අනතුර..කොන්දොස්තර තුවාල ලබා රෝහලේ
01:02
Video thumbnail
අධිවේගී මාර්ගයට අදත් මහ වැසි කඩා හැලුණු හැටි..කොහොමද වහින වැස්ස
01:48
Video thumbnail
රණවිරු සැමරුමේදී ජනපතිගේ කතාවට අමතරව විශේෂ ප්‍රකාශයක්..සැමරුමට සහභාගී වන පිරිස 2769ක්
02:06
Video thumbnail
මෙවර රණවිරු සැමරුමේ සුවිශේෂි වෙනස්කම් රැසක්..උතුරු නැගෙනහිර රණවිරුවන්ගේ ඥාතීන් සහභාගී කර ගන්නවා
02:30
Video thumbnail
සජබ මහ ලේකම් ජනපති අනුරට අභියෝග කරයි..මේ රට දවසින් දවස ප්‍රපාතයකට වැටෙනවා
04:28
Video thumbnail
අධි ගංවතුර තත්ත්වයක්ද ? කෙටි කාලයක් තුළ වැඩි වර්ෂාවක්..නොපෙනෙන අනතුරු තියෙනවා
06:29
Video thumbnail
"බස් එක ගන්න එහාට..බස් එක ගන්න"වන අලි රංචුවක් විදුලි වැටත් කඩාගෙන වනාන්තරයට යන හැටි
01:51
Video thumbnail
කැලඹුණු කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
02:40
Video thumbnail
වාහන ගමනාගමනය සීමා කළ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතවෙයි
00:54