එළිමහන් ස්ථානවල දුම්පානයට බ්‍රිතාන්‍යයේ තහනමක්

බ්‍රිතාන්‍ය රජය එළිමහන් ස්ථානවල දුම් පානය කිරීම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

දුම්කොළ භාවිතය හේතුවෙන් වැළක්විය හැකි මරණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ඒ අනුව එළිමහන් අවන්හල්, එළිමහන් මත්පැන්හල් දුම්බීමේ තහනම් කලාප බවට බවට පත්වනු ඇති.

දුම්බීමෙන් ජාතික රෝහල් සේවා පද්ධතිය මත පැටවෙන අධික බර අවම කිරීමට රජයක් වශයෙන් පියවර ගත යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාමර් පවසා තිබෙනවා.

රජයේ මෙම තීරණයට සෞඛ්‍ය අංශ දැඩි ප්‍රසාදය පළකර තිබෙන අතර, තවත් පිරිසක් එය දැඩිව විවේචනය කරමින් කියා සිටින්නේ රජය ගෙන ඇති මේ තීරණය මගින් රටේ ආගන්තුක සත්කාර අංශයට බලවත් අහිතකර බලපෑම් ඇතිකරන බවයි.

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු පසුගිය මස එරට නව පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ කරමින් පසුගිය රජය යටතේ පාර්ලිමේන්තුවට ගෙන ආ දුම් පානය අවම කිරීමේ පනත් කෙටුම් පත යළි වත්මන් රජයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන කරන බවට සහතික වී තිබුණා.

එහි සඳහන් වන්නේ බ්‍රිතාන්‍යය තුළ 2009 වසරින් පසුව උපත ලබා ඇති කිසිවකුට දුම්වැටි අලෙවි කිරීම තහනම් කරනු ලබන බවයි.

එළිමහන් දුම්පානය තහනම සමස්ථ එකසත් රාජධානිය තුළම බලාත්මක වන්නේ ද නොඑසේනම් එය එංගලන්තයට පමණක් බල පැවැත්වෙන්නේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30