උතුරේ හයිබ්‍රිඩ් විදුලිබල ව්‍යාපෘති සඳහා ඉන්දියාවෙන් මුදල්

ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලයිතිව් දූපත්වල ඉන්දීය මුදල් ආධාර යටතේ හයිබ්‍රිඩ් විදුලිබල ව්‍යාපෘති ඉදිකිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඊට අදාළ පළමු වාරිකය ඉන්දියාව විසින් නිල වශයෙන් ඊයේ (28) භාරදුන්නා.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ එය මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ෂා විසින් විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල වෙත භාර දුන් බවයි.

මෙම ව්‍යාපෘති සඳහා අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2022 වසරේ මාර්තු මාසයේදී අත්සන් තැබුවා.

එහි කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ යූ සෝලා ක්ලීන් එනර්ජි සමාගම අතර 2024 මාර්තු 01 වනදා අත්සන් කෙරුණා.

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වූ පසු එම දූපත් සඳහා විදුලි බලය සැපයෙනවා.

මේ වනවිට එහි මූලික ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර එම ව්‍යාපෘති 2025 මාර්තු මුල දී නිමකිරීමටත් 2025 අප්‍රේල් වනවිට මෙරට ට භාරදීමටත් නියමිත යි.

මේ සඳහා ඉන්දියාව ලබා දී ඇති මූල්‍ය සහාය ඩොලර් මිලියන 11ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10