AFC Banner
Empty Ad
Empty Ad

ක්ලබ් වසන්ත ඝාතනයට හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් අල්ලයි

පසුගිය මස 08 වැනිදා අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට සහභාගී වී සිටි මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කිරීමට අනුබල දුන් බවට සැකපිට බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අද (29) පෙරවරුවේ සැකකාර මන්ත්‍රීවරයා පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර මෙම ඝාතන සිද්ධියට පැමිණි දෙවැනි වෙඩික්කරු ද ඊයේ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඒ පින්වත්ත ප්‍රදේශයේ බස් නැවතුම්පොළකදීයි.

ඔවුන් පාතාල ලෝකයේ ‘බහිරවයා’ හා ‘පොඩි බලයා’ යන අන්වර්ථ නාමයන්ගෙන් ප්‍රසිද්ධියක් ලැබූවන් බවත් හෙළි ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත සේම නයන වාසුල නමැත්තෙකු ද මියගිය අතර; තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
4
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?