ජපන් අහසට චීන යානයක් අනවසරයෙන් ඇතුළු වෙයි

චීන හමුදා ගුවන් යානයක් තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව ජපාණය පවසනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ චීන ගුවන් යානයක් එලෙස ගුවන් සිමාවට ඇතුලු වූයේ පළමුවරට බවයි.

ජපානයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ සඳුදා පෙරවරු 11.29 ට Y-9 නිරීක්ෂණ ගුවන් යානයක් නැගෙනහිර චීන මුහුදේ “නාගසාකි ප්‍රාන්තයේ ඩැන්ජෝ දූපත්වලට ඔබ්බෙන් වූ භෞමික ගුවන් සීමාව උල්ලංඝනය කළ” අතර එය මිනිත්තු දෙකක් තම ගුවන් කලාපයේ රැඳී සිටි බවයි.

ඒ අනුව “හදිසි පදනමක් මත ප්‍රහාරක ජෙට් යානා” යෙදවීමට ජපානය පොළඹවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා

නවතම වර්ධනය දෙරට අතර ආතතීන් ඇති කළ හැකි බව රාජ්‍ය මාධ්‍ය පවසනවා.

යානය ජපානයේ ගුවන් සීමාවට ඇතුළු වීමට පෙර සහ පසුව කිහිප වතාවක් දූපත්වලට ගිනිකොන දෙසින් සමුද්‍රයට ඉහළින් වෘත්තාකාර ගමන් පථ කිහිපයක පියාසර කර අවසානයේ චීනය දෙසට ප.ව 1:15 ට පමණ ගමන් කර තිබෙනවා.

ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ (ASDF) ප්‍රහාරක යානා ආයුධ හෝ සංඥා ගිනිදැල් භාවිතා නොකළ බවයි.

ජපානයේ උප විදේශ අමාත්‍ය මසටකා ඔකානෝ, චීනයේ වැඩබලන තානාපතිවරයා කැඳවා “අතිශයින්ම බරපතල විරෝධතාවක්” ඉදිරිපත් කළ අතර නැවත සිදුවීම වැළැක්වීමට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි බව ජපාන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

චීන හමුදා ගුවන් යානයක් තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව ජපාණය පවසනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ චීන ගුවන් යානයක් එලෙස ගුවන් සිමාවට ඇතුලු වූයේ පළමුවරට බවයි.

ජපානයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ සඳුදා පෙරවරු 11.29 ට Y-9 නිරීක්ෂණ ගුවන් යානයක් නැගෙනහිර චීන මුහුදේ “නාගසාකි ප්‍රාන්තයේ ඩැන්ජෝ දූපත්වලට ඔබ්බෙන් වූ භෞමික ගුවන් සීමාව උල්ලංඝනය කළ” අතර එය මිනිත්තු දෙකක් තම ගුවන් කලාපයේ රැඳී සිටි බවයි.

ඒ අනුව “හදිසි පදනමක් මත ප්‍රහාරක ජෙට් යානා” යෙදවීමට ජපානය පොළඹවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා

නවතම වර්ධනය දෙරට අතර ආතතීන් ඇති කළ හැකි බව රාජ්‍ය මාධ්‍ය පවසනවා.

යානය ජපානයේ ගුවන් සීමාවට ඇතුළු වීමට පෙර සහ පසුව කිහිප වතාවක් දූපත්වලට ගිනිකොන දෙසින් සමුද්‍රයට ඉහළින් වෘත්තාකාර ගමන් පථ කිහිපයක පියාසර කර අවසානයේ චීනය දෙසට ප.ව 1:15 ට පමණ ගමන් කර තිබෙනවා.

ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ (ASDF) ප්‍රහාරක යානා ආයුධ හෝ සංඥා ගිනිදැල් භාවිතා නොකළ බවයි.

අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43