AFC Banner
Empty Ad
Empty Ad

ගීත්මාල් බිනෝයි ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයාව මෙරටට ගෙන එයි (ඡායාරූප)

මිනීමැරුම් , කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන විතානගේ දොන් ගීත්මාල් බිනෝයි දිල්ෂාන් මෙරටට රැගෙනවිත් තිබෙනවා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙම සැකකරු ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ගොස් අත්අඩංගුවට ගෙන අද (29) අලුයම දිවයිනට රැගෙනවිත් ඇති බවයි.

සැකකරු 33 හැවිරිදි ‘මතුගම ශාන්’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකගේ ප්‍රධානතම ගෝලයා බවත් වාර්තා වනවා.

අද අලුයම 05.05 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත සැකකරු ගෙනවිත් තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මතුගම මූලස්ථාන පොලිසියෙන් සිදු කරන බවයි පැවසෙන්නේ.

20240829 062954 scaled
20240829 062919 scaled
20240829 062926 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
10
+1
1
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?