රුපියල් එක් කෝටි පනස් අට ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි, විස්කි සහ චන්ද්‍රිකා රූපවාහිනී සම්ප්‍රේෂණ උපකරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම භාණ්ඩ තොගය චීන ජාතිකයන් දෙදෙනෙකු, ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සහ ඉන්දීය ජාතිකයෙකු විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඇවිත් තිබූ බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ජේ.එම්.එෆ්.ඉෆත් සහ ධනුෂ්ක පෙරේරා යන මහත්වරුන් විසින් සිදු කර තිබෙනවා.
එමෙන්ම ඔවුන් මෙලෙස නීතිවිරෝධී ලෙස රැගෙන ආ භාණ්ඩ සියල්ල රාජසන්තක කර තිබෙනවා.
මෙම ගුවන් මගීන් සඳහා රුපියල් ලක්ෂ 03ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර ඇති බවයි අප වාර්තා කරු සඳහන් කරන්නේ.













