ලිංගික අපරාධ තුරන් කිරීමට දකුණු කොරියාවෙන් අලුත් වෑයමක්

තරුණියන් ඉලක්ක කර ගනිමින් ගැඹුරු ව්‍යාජ කාමුක දර්ශන ගලා ඒම මධ්‍යයේ, රටේ ඩිජිටල් ලිංගික අපරාධ වසංගතය “මුලිනුපුටා දැමීමට” වැඩි යමක් කරන ලෙස දකුණු කොරියානු ජනාධිපතිවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

එරට බලධාරීන්, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් මෑතක දී ඇතැම් බාලවයස්කාර ගැහැනු ළමයින් ඇතුළුව අසභ්‍ය රූප නිර්මාණය කර බෙදා හදා ගන්නා චැට් කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව කෘත්‍රීම බුද්ධිය භාවිතයෙන් ඩීප්ෆේක් ජනනය වන අතර බොහෝ විට සැබෑ පුද්ගලයෙකුගේ මුහුණ ව්‍යාජ ශරීරයක් සමඟ ඒකාබද්ධ කිරීම මෙම කාලවකවානුව තුළ ප්‍රචලිත වීම හේතුවෙන් එරට ජනාධිපතිවරයා මේ පිළිබඳව අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම හේතුවෙන් දකුණු කොරියාවේ මාධ්‍ය නියාමකවරයා හදිසි රැස්වීමක් ද පවත්වා තිබෙනවා.

අධික වර්ෂාවෙන් සුඩානයේ මියගිය සංඛ්‍යාව ඉහළ ට

මේ වන විට සුඩානයේ ප්‍රාන්ත 10කට බලපා ඇති අධික වර්ෂාවෙන් මියගිය සංඛ්‍යාව 138 දක්වා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (28) ප්‍රකාශ කළා.

“මුළු මරණ සංඛ්‍යාව 138ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පුද්ගලයින් 129,650 කට වැඩි සංඛ්‍යාවක් සිටින පවුල් 31,666 ක් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අගෝස්තු 17වන දින සුඩානයේ සෞඛ්‍ය අමාත්‍ය හයිතම් මොහොමඩ් ඊබ්‍රහිම් රට තුළ කොලරාව පැතිර යන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණා.

මේ වන විට සුඩානයේ ප්‍රාන්ත පහක නව රෝගීන් 102ක් සහ කොලරාවේ නව මරණ පහක් වාර්තා වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ නවතම දත්ත වලට අනුව, මිලියන 10.7 ක ජනතාවක් මේ වනවිට සුඩානයේ අභ්‍යන්තර වශයෙන් අවතැන්ව සිටින බවයි තවදුරටත් වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29