කොදෙව්වන් හමුවේ දකුණු අප්‍රිකාවට තරගාවලි පරාජයක්

දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවති පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ තරගාවලි ජයක් වාර්තා කිරීමට සත්කාර කොදෙව්වන් සමත් වුණා.

ඊයේ (27) Tarouba ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් ටී20 තරගයත් දකුණු අප්‍රිකාවට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායය යටතේ කඩුලු 08කින් ජය ගැනීමටයි කොදෙව්වන් සමත් වූයේ.

තරගයේ පෙර පැවති තරග දෙකම ජයගෙන තරගාවලියේ වේලාසනම තරගාවලි ජයක් ලබා සිටි කොදෙව්වන්ගෙන් සිදුවන ලැජ්ජාවෙන් බේරීමට දකුණු අප්‍රිකාවට ඊයේ තරගය නියත වශයෙන් ම ජය ගැනීම අනිවාර්‍යය වුණා.

නමුත් එම බලාපොරොත්තුව ද බිඳ දමමින් කොදෙව් කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමු ව පන්දු යැවීම තෝරාගත් අතර; අයහපත් වර්ෂාපතනය හේතුවෙන් තරගය පන්දුවාර 13කට පමණක් සීමා වුණා.

දකුණු අප්‍රිකාව පන්දුවාර 13 අවසානයේ දී කඩුලු 04ක් දැවී ලකුණු 108ක් ලබාගත්තා.

කොදෙව්වන් තරගය ජය ගත්තේ පන්දුවාර 09කුත් පන්දු දෙකක් ගෙවී අවසන් වන මොහොතේදීයි.

ඒ කඩුලු 02ක් පමණක් දැවී තිබියදීයි.

ශායි හෝප් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තා.

තරගයේ වීරයා සම්මානය රොමාරියෝ ශෙපර්ඩ් දිනාගත් අතර ශායි හෝප් තරගාවලියේ වීරයා බවට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03