AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නිසා මැතිවරණ කොමිෂන් සභාව රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද (28) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ පළාත් පාලන ඡන්දය පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කිරීමට බවයි වාර්තා වන්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගියදා පළාත් පාලන ඡන්දය පැවැත්වීමට ප්‍රමාද වීමෙන් පුරවැසි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීරණයක් ප්‍රකාශයට පත් කළා.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ හැකි වහාම පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළ යුතු බවයි.

මේ පිළිබඳ ව සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගැනීමටයි; මැතිවරණ කොමිෂන් සභාව අද දිනයේ දී රැස්වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?