AFC Banner
Empty Ad
Empty Ad

බිරිඳ මියයාමේ සොවින් සැමියා සියදිවි නසා ගනී

සිය බිරිඳ මියයාම සම්බන්ධයෙන් සිත් තැවුලෙන් සිටි යාපනය,නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ(27) සියදිවි නසාගෙන ඇති බව චාවකච්චේරි පොලිසිය පවසනවා.

එලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි මනුවෙල් සූසෙයිමුත්තු නමැති පුද්ගලයෙක්.

මීට වසරකට පමණ පෙර අදාළ පුද්ගලයාගේ බිරිඳ අසනීප තත්ත්වයක් මත මියගොස් ඇති අතර, බිරිඳ මියයාමෙන් අනතුරුව අදාළ පුද්ගලයා දැඩි සිත්තැවුලෙන් පසු වී ඇති බව ද ප්‍රදේශවාසීන් පවසනවා.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයන්ගෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදුන් බව ද පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?