ජනපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත අද (27) පෙරවරුවේ පැමිණ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක
හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ජනාධිපතිවරයා මෙලෙස රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝරත්නය බැහැ දුටු අතර එහි අනුනායක පූජ්‍ය වලේබොඩ ගුණසිරි ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය මහ ලේකම් අකරැල්ලේ ඥානවංස ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය මහ ලේකම් පූජ්‍ය වාද්දුවේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය අධිකරණ ලේකම් පූජ්‍ය හාල්පන්විල පාලිත ස්වාමීන් වහන්සේ, කොළඹ ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති පූජ්‍ය සූරියවැව හේමාන්නද ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කර සිටියා.

මෙහිදී උන්වහන්සේලා සෙත් පිරිත් දේශනා කර ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය පළ කළා.

අනතුරුව මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය සමඟ කෙටි කථා බහකට එක් වූ ජනාධිපතිවරයා රටේ ආර්ථික ප්‍රකෘතිමත්භාවය පිළිබඳ මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව ද මහා සංඝරත්නය දැනුවත් කළ බවයි ‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය අංශය පැවසුවේ.

පිරිවෙන් අධ්‍යාපනය ආශ්‍රිත ව මතුව ඇති ගැටළු, පූජා භූමිවලට අදාළ ඉඩම් ගැටළු පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධනයට අදාළව එහි ද්‍රවිඩ මන්ත්‍රීවරුන් සමඟ කළ සාකච්ඡා පිළිබඳව ද ජනාධිපතිවරයා මහා නායක හිමිපාණන් වහන්සේ දැනුවත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51