ඩයනා ගමගේට අධිචෝදනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිළකරත්න මහතා නියෝග කළා.

රුපියල් 25,000 මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරිර ඇප දෙකක් මත මුදාහැරීමට ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

එසේ ඇප මත මුදාහැරුනේ ද්විත්ව පුරවැසිභාවය දැරීම, කුඨ ලේඛන ඉදිරිපත් කර ශ්‍රී ලංකික ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ ආගමන විගමන පාලකවරයා නොමඟ යැවිම ඇතුළු අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා පැවරු නඩුව මහාධිකරණය හමුවේ ඊයේ (27) කැඳවු අවස්ථාවේදීයි.

එම චෝදනා යටතේ ඩයනා ගමගේට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම ද එහිදි සිදු වුණා.

අධිකරණයෙන් නිකුත් කළ නොතීසි අනුව ඩයනා ගමගේ නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

විත්තිකාර ඩයනා ගමගේ ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙස ද අධිකරණය නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56