සන්නිවේදන ගැටළුවක් නිසා වෛද්‍යවරියකට ඇබැද්දියක්

වවුනියාව, පම්පෙමඩුව ආයුර්වේද රෝහලේ වෛද්‍යවරියක් පැහැරගැනීමට උත්සහ කළ බවට බිය වී ඇති වූ අර්බුදකාරි තත්වයක් ඊයේ දින (26) රාත්‍රියේ වාර්තා වූ බව වවුනියාව නෙළුක්කුලම පොලිසිය පවසනවා.

වවුනියාව රෝහලට අනුයුක්ත ගිලන්රථ රියදුරුවරයෙකු හා තවත් රෝහල් සේවකයෙකු විසින් අයුර්වේද වෛද්‍යවරියක් පැහැර ගැනීමට උත්සහ කළ බව කියන සිද්ධියක් වාර්තා වූ බවත්, භාෂා සන්නිවේදනය නිසි පරිදි සිදුකර ගැනීමට නොහැකිවිම මත අදාළ ගැටළුව උද්ගතව තිබූ බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

වවුනියාව රෝහලට අයත් ගිලන් රථයක් වවුනියාව රෝහලේ සිට වවුනියාව,පම්පෙමඩුව ආයුර්වේද රෝහලේ පවතින රෝගී සම්බාහන වාට්ටුව වෙත රාත්‍රි ආහාර රැගෙන ගොස් ඇති අතර, ආයුර්වේද රෝහලට ආහාර ලබාදී නැවත පැමිණෙන අවස්ථාවේ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරියක් ද ගිලන් රථයට නැඟී වවුනියාව නව බස් නැවතුමට තමන් ද ඇරලවන ලෙසට රියදුරුට සඳහන් කර තිබෙනවා.

එහි දී ගිලන් රථ රියදුරු පම්පෙමඩුව පිහිටි ඉන්ධන පිරවුම්හළකින් ගිලන් රථයට ඉන්ධන පුරවාගත් පසු වවුනියාවට බස් නැවතුම්පොළට යාමට පිටත්ව ඇති අතර, වවුනියාව මන්නාරම ප්‍රධාන මාර්ගයේ නොපැමිණ, කෙටි මාර්ගයකින් බස් නැවතුම්පොළ වෙත ගමන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ අවස්ථාවේ සුපුරුදු මාර්ගයෙන් ගිලන් රථය ගමන් නොකිරීම හේතුවෙන් අයුර්වේද වෛද්‍යවරිය බිය වී ගිලන් රථයෙන් පැන තමන් පැහැරගෙන යාමට කටයුතු කරන බවට කෑ ගසා ඇති බවයි පොලීසිය පවසන්නේ.

එහෙත් ගිලන් රථ රියදුරු පවසා ඇත්තේ තමන් කෙටි මාර්ගයකින් වවුනියාව බස් නැවතුම්පොළ වෙත ගමන් කිරීමට පිටත් වූ බවත්, අදාළ අවස්ථාවේ වෛද්‍යවරිය බියවි කෑ ගැසූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගිලන් රථ රියදුරු හා ගිලන් රථයේ සිටි රෝහල් සේවකයා කරුණු පැහැදිලි කර ඇති අතර, වෛද්‍යවරිය ද එහිදි කරුණු අවබෝධ කරගෙන තිබෙනවා.

එම සිදුවීම දෙපාර්ශ්වයේ භාෂා සන්නිවේදන ගැටළුවක් මත සිදුව ඇති බවට ද පසුව අනාවරණය වුණා.

සිද්ධියට අදාළ දෙපාර්ශ්වවල එකඟතාවය මත ගැටළුවකින් තොරව අදාළ පිරිස් පොලිසියෙන් බැහැරව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56