අධිකරණයට අපහාස කළ නීතිඥවරියකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

නීතිඥ වෘත්තීයේ නිරත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදී එම නියෝගය උල්ලංඝනය කරමින් අදාළ වෘත්තීයේ නිරත විම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින කැකිරාව ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියකට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම නීතිඥවරියට අදාළ පැමිණිල්ල ඊයේ (26) එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී වග උත්තරකාර නීතිඥවරිය අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර, නීතිපතිවරයා විසින් කෙටුම්පත් කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළ චෝදනා පත්‍ර ඇයට විවෘත අධිකරණයේ කියවා භාරදුන්නා.

පසුව අධිකරණය කළ විමසීමක දී වගඋත්තරකාර නීතිඥවරිය සඳහන් කළේ, තමන් අදාළ චෝදනාවලට නිවැරදිකාරිය බවයි.

කැකිරාව නීතිඥ මණ්ඩලයේ නිලධාරියෙක් තමන් හා අමනාපයෙන් පසුවන බවත් තමන්ගෙන් පළිගැනීම සඳහා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බවත් අදාළ නීතිඥවරිය අධිකරණය හමුවේ පැවසුවා.

ඒ, අනුව අදාළ චෝදනා පත්‍රය සැප්තැම්බර් මස 24 වනදා විභාගයට ගැනීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වගඋත්තරකාර නීතිඥවරියට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කළේ.

සාමාන්‍යයෙන් මෙවැනි චෝදනා එල්ල වී ඇති අවස්ථාවක වගඋත්තරකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවත්, මීට ඉහත අවස්ථා දෙකක දී නීතිඥවරු දෙදෙනකු රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නා.

නමුත් මෙම වගඋත්තරකාර නීතිඥවරිය පිළිකා රෝගයෙන් පෙළන බවට කරුණු ඉදිරිපත් වීම හේතුවෙන් එම කරුණ සැලකිල්ලට ගෙන ඇය මුදාහරින බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ.

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ තිබූ නඩු ගොනුවක ⁣අත් අකුර පරීක්ෂා කිරිම සඳහා නියමිතව තිබු කොළයක් ඉරා සපා කෑම සහ නඩු ගොනුව බලහත්කාරයෙන් අත්පත් කරගෙන හානි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීන්දු කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නීතිඥවරියට නීතිඥ වෘත්තීයේ නිරත වීම වළක්වාළමින් ඉකුත් මාර්තු මස 22 වනදා නියෝගයක් නිකුත් කර තිබුණා.

එසේ තිබියදී අදාළ නීතිඥවරිය මාර්තු මස 25 වනදා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පිහිටි සිය කාර්යාලය විවෘත කොට සිය නාම පුවරුව ද ප්‍රදර්ශනය කරමින් සිවකුමාර් සිවන් නමැති සේවාදායකයෙකු කාර්යාලයට කැඳවා උපදෙස් ලබා දී මුදල් ලබාගෙන තිබීම තුළින් ඇය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය උල්ලංඝනය කොට චේතනාවිතවම අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ඇයට එරෙහිව මෙම චෝදනා පත්‍ර ගොනුකර තිබුණා.

එම සේවාදායකයාට උපදෙස් දෙන අවස්ථාවේ දී ලබා ගත් විඩියෝ දර්ශන ද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55