සුමිරාන් නළුකම අතහරිද? අවුරුද්දෙන් පසු කරන දේ ගැන කියයි

සුමිරාන් ගුණසේකර කියන්නේ හැමෝම ආදරය කරන දක්ෂ රංගන ශිල්පියෙක්. රංගනයට විතරක් නෙවෙයි නිවේදනයටත් උපන් හපන් ඔහු හැමෝගෙම හිත් දිනා ගත් ආදරණිය චරිතයක්. දරුවෙක් ඉන්න සුමිරාන් හරි සුන්දර ජිවිතයක් තමයි ගතකරන්නේ.

ඉතින් ඒෂියන් මිරර් අපි හිතුවා කලාකරුවන් අවුරුද්දෙන් පස්සේ කරන වැඩකටයුතු ගැන ඔබත් එක්ක බෙදා ගන්න.

ඉතින් සුමිරාන් ගුණසේකර අවුරුද්දෙන් පස්සේ කරන වැඩකටයුතු ගැන මෙන්න මෙහෙම කිව්වා.

“අලුත් අවුරුද්දෙන් පස්සේ මම පොඩ්ඩක් බලාපොරොත්තුවෙන් ඉන්නවා මගේ ව්‍යාපාර ක්ෂේත්‍රය පැත්තෙන් ගත්තොත් එහෙම මගේ ඇගලුම් කර්මාන්ත ශාලාව තවත් එක ස්ටෙප් එකක් ඉදිරියට ගිහිල්ලා අලුත් තැනක ස්ටැබ්ලිෂ් කරන්න. ඊට අමතරව මම බලාපොරොත්තුවෙන් ඉන්නවා මගේ ටෙක්ස්ටයිල් එක ආපහු පොඩි ක්‍රන්ස්ට්‍රක්ෂන්ස් වගයක් කරලා අලුත් මුහුණුවරකින් නැවතත් රිලෝන්ජ් කරන්න.” 

“ඊට අමතරව කලාව පැත්තෙන් ගත්තම මම හිතනවා මට පහුගිය අවුරුදු 4,5 කාලයේ මගේ නිවේදකයා කියන කර්තව්‍ය කරන්න බැරි වුනා කියලා. සුමිරාන් ගුණසේකරගේ ඇතුලේ ඉන්න නිවේදකයා එලියට දාගන්න බැරි වුනා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අලුත් අවුරුද්දෙන් පස්සේ නිවේදන වෘත්තීයට පොඩි තැනක් ලබා දෙන්න. ඒ අනුව බලාපොරොත්තුවෙන් ඉන්නවා අලුත් වැඩසටහනක් නිවේදනය කරන්න. මම බොහොම බලාපොරොත්තුවෙන් ඉන්නවා අලුත් ටෙලිනාට්‍යයක, වෙනස් චරිතයක් සමඟින් ඔබ හමුවට එන්න. අලුත් බලාපොරොත්තු ඕවා තමයි තියෙන්නේ.”

“පුද්ගලයෙක්‌ විදියට සුමිරාන් ගුණසේකර විදියට තියෙන බලාපොරොත්තු ඕක. රටක් විදියට ගත්තොත් බලාපොරොත්තුවක් තියෙනව. අනේ මේ රටට මේ අවුරුද්දෙවත් යහපතක් සෙතක් වේවා කියන බලාපොරොත්තුව. මොකද මේ රට අවුරුදු හැත්තෑ ගානක් පුරාවටම අවුරුද්දෙන් අවුරුද්ද අවුරුද්දෙන් අවුරුද්ද වලපල්ලට විනාශයට යමින් තියෙන්නේ. මේ අවුරුද්දෙවත් අනේ දෙයියනේ කවුරු හරි විශ්වකර්මයෙක් හරි පාත් වෙලා මේ රට මේ ආගාධයෙන් මුදවා ගනිත්වා කියන ප්‍රාර්ථනාව රටක් විදියට තියෙනවා. මම දන්නේ නැහැ මොකක් වෙයිද කියලා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඒ විදියට රටේ බලාපොරොත්තුවත් ඉෂ්ඨ වේවා, මගේ බලාපොරොත්තුවත් ඉෂ්ඨ වේවා, ඔබේ බලාපොරොත්තුවත් ඉෂ්ඨ වේවා කියලා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33