සිව් වසරක තරග තහනමෙන් පසු යළිත් වැඩ පෙන්වූ පිහිනුම් ශූරයා

ජාත්‍යන්තර පිහිනුම් තරගයක දී තහනම් උත්තේජක භාවිත කිරීමේ වරදට වැරදිකරු බවට ඔප්පු වූ චීන පිහිනුම් ශූර සන් යැං තහනමෙන් පසු ක්‍රීඩා කළ පළමු ජාත්‍යන්තර තරගයක දී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි සන් යැං මෙම ජයග්‍රහණය ලබා ඇත්තේ චීනයේ පැවති ජාත්‍යන්තර ගිම්හාන පිහිනුම් තරගාවලියේ මීටර් 400 නිදහස් ආර තරග ඉසව්වෙන්.

සන් යැං මීට පෙර ඔලිම්පික් රන් පදක්කම්ලාභියෙකු වන අතර; වසර 04කින් පසුවයි හෙතෙම යළිත් තරග බිමට පිවිසියේ.

ඒ Sun Yang වර්ෂයේ දී තහනම් උත්තේජක ගෙන ඇති බවට ලෝක තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය (WADA) සනාථ කිරීමත් සමග ඔහුගේ ක්‍රීඩා දිවියට වසර 08ක දීර්ඝ තහනමක් පැනවුණා.

නමුත් පසුව නීතිඥවරුන් මාර්ගයෙන් සිදු කරන ලද අභියාචනා හරහා ඔහුට හිමි වූ වසර 08ක තරග තහනම සිව් වසරකුත් මාස තුනක් දක්වා අඩු කිරීමටයි කටයුතු කෙරුණේ.

එම නියෝගය ප්‍රකාරව දඬුවම් කාලය මෙම වසරේ මැයි මාසයේ දී අවසන් වුණා.

මෙම තහනම හේතුවෙන් යැං හට මෙවර පැරිස් ඔලිම්පික් උලෙළ ද අහිමි වූ අතර; හෙතෙම තුන් වරක් ඔලිම්පික් පිහිනුම් ශූරතාව දිනාගත් ක්‍රීඩකයෙක් වීම ද විශේෂත්වයක්.

එම තරග තහනමෙන් පසුව ඊයේ (25) යළිත් චීන ගිම්හාන පිහිනුම් තරගාවලියට එක් වූ යැං නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21