AFC Banner
Empty Ad
Empty Ad

සිව් වසරක තරග තහනමෙන් පසු යළිත් වැඩ පෙන්වූ පිහිනුම් ශූරයා

ජාත්‍යන්තර පිහිනුම් තරගයක දී තහනම් උත්තේජක භාවිත කිරීමේ වරදට වැරදිකරු බවට ඔප්පු වූ චීන පිහිනුම් ශූර සන් යැං තහනමෙන් පසු ක්‍රීඩා කළ පළමු ජාත්‍යන්තර තරගයක දී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි සන් යැං මෙම ජයග්‍රහණය ලබා ඇත්තේ චීනයේ පැවති ජාත්‍යන්තර ගිම්හාන පිහිනුම් තරගාවලියේ මීටර් 400 නිදහස් ආර තරග ඉසව්වෙන්.

සන් යැං මීට පෙර ඔලිම්පික් රන් පදක්කම්ලාභියෙකු වන අතර; වසර 04කින් පසුවයි හෙතෙම යළිත් තරග බිමට පිවිසියේ.

ඒ Sun Yang වර්ෂයේ දී තහනම් උත්තේජක ගෙන ඇති බවට ලෝක තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය (WADA) සනාථ කිරීමත් සමග ඔහුගේ ක්‍රීඩා දිවියට වසර 08ක දීර්ඝ තහනමක් පැනවුණා.

නමුත් පසුව නීතිඥවරුන් මාර්ගයෙන් සිදු කරන ලද අභියාචනා හරහා ඔහුට හිමි වූ වසර 08ක තරග තහනම සිව් වසරකුත් මාස තුනක් දක්වා අඩු කිරීමටයි කටයුතු කෙරුණේ.

එම නියෝගය ප්‍රකාරව දඬුවම් කාලය මෙම වසරේ මැයි මාසයේ දී අවසන් වුණා.

මෙම තහනම හේතුවෙන් යැං හට මෙවර පැරිස් ඔලිම්පික් උලෙළ ද අහිමි වූ අතර; හෙතෙම තුන් වරක් ඔලිම්පික් පිහිනුම් ශූරතාව දිනාගත් ක්‍රීඩකයෙක් වීම ද විශේෂත්වයක්.

එම තරග තහනමෙන් පසුව ඊයේ (25) යළිත් චීන ගිම්හාන පිහිනුම් තරගාවලියට එක් වූ යැං නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?