AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපති අපේක්ෂකයින්ට සහ ඡන්ද දායකයින්ට කතෝලික රදගුරු සමුළුවෙන් දැනුම්දීමක්

දූෂිත පුද්ගලයින් ආරක්ෂා කරන සහ දූෂිතයින්ට අනුබල දෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිත කිරීම වැදහත් බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පවසනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි එම සමුළුව මේ බව සඳහන් කර ඇත්තේ.

ඡන්ද දායකයින්ගෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ද ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් සම්බන්ධයෙන් එම නිවේදනය මඟින් කරුණු පැහැදිලි කර තිබෙනවා.

එමෙන්ම ඡන්ද දායකයින් රවටා ඔවුන් නොමඟ යෑවීමෙන් වළකින ලෙසත්, තම ඡන්ද ව්‍යාපාර සංවිධායකවරුන් සහ ආධාරකරුවන් මේ හා සම්බන්ධයෙන් කරන කියන දේ පිළිබඳව සුපරික්ෂාකාරී වන ලෙසත් ජනාධිපති අපේක්ෂකයින්ගෙන් මෙහිදී ඉල්ලා සිටිනවා.

ඊට අමතරව ප්‍රධාන ආගම් හතරේ සාරධර්ම මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී සහ සදාචාරාත්මක ප්‍රතිපත්ති අනුව ජනතාවගේ සංකෘතික ආචාරධර්මවලට ද ගරු කරමින් රට පාලනය කරන නායකයෙකු තෝරා පත්කර ගැනීම සඳහා තම ඡන්දය පාවිච්චි කරන ලෙසට සියලුම ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?