AFC Banner
Empty Ad
Empty Ad

හයේ සීමාවෙන් එළියට යන්න හිස්වැස්මට පිතෙන් පහර දුන් කෝප වූ කොදෙව් දැවැන්තයා (වීඩියෝ)

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කාලෝස් බ්‍රැත්වේට්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ මේ වනවිට වේගයෙන් පැතිර
යමින් තිබෙනවා.

කේමන් අයිලන්ඩ්ස් ටී 10 තරගාවලියේ තරගයක දී දැවී යෑමක් ගැන නොසතුටට පත් වූ කාලෝස් ඔහුගේ පිත්තෙන් ඔහුගේ හිස්වැස්ම කඩා දමන ආකාරය අදාළ වීඩියෝවේ දැක්වෙනවා.

ග්‍රෑන්ඩ් කේමන් ජගුවර්ස් සහ නිව් යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් අතර තරගයේ පන්දුවට පහරදෙමින් සිටි කාලෝස් බ්‍රැත්වේට්ට ලබාදුන් දුර්වල විනිසුරු තීරණයක් හේතුවෙන් ඔහුට දැවීගිය ක්‍රීඩකයෙක් ලෙස නම්කරනවා.

විනිසුරුගේ එම දුර්වල තීරණයත් සමඟ කෝපයට පත් බ්‍රැත්වේට් සෙමින් සෙමින් පිටියෙන් ඉවතට ගමන් කරන ආකාරය දැකගත හැකි වනවා.

එහිදී මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා සිය හැඟීම් ප්‍රබල ලෙස ප්‍රදර්ශනය කරමින් තම හිස්වැස්ම ගලවා ඊට ඔහුගේ පිත්තෙන් දැවැන්ත පහරක් එල්ල කරන අතර හිස්වැස්ම සීමාව පසුකර ගොස් බිම පතින වන ආකාරය අදාළ වීඩියෝවේ දැක්වෙනවා.

කෙසේ වෙතත් බ්‍රැත්වේට්ගේ එම ක්‍රියාව බොහෝ පිරිසකගේ උපහාසයට ලක්ව තිබූ අතර ඇතැම් පුද්ගලයින් එය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට එතරම් සුදුසු නැති ක්‍රියාවක් ලෙසටයි පවසා තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
11
+1
19
+1
3
+1
10
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?