පාකිස්තාන රජය අන්තර්ජාල සීමා දැඩි කරයි

පාකිස්තාන රජය එරට අන්තර්ජාල භාවිත කරන්නන් සම්බන්ධයෙන් සිය පාලනය දැඩි කරමින් සිටිනවා.

පාකිස්තාන විදුලි සංදේශ අධිකාරිය (PTA) X හෙවත් Twitter සහ අනෙකුත් සමාජ මාධ්‍ය අඩවි වැනි දැනටමත් තහනම් කර ඇති අතර අතථ්‍ය පුද්ගලික ජාල (VPN) භාවිතා කිරීම ද මර්දනය කරනවා.

පාකිස්තානයේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටළු උපුටා දක්වමින් PTA මෑතකදී අන්තර්ජාල ගමනාගමනය නියාමනය කිරීම සඳහා ‘ෆයර්වෝල්’ එකක් ස්ථාපිත කළා.

ජුලි මාසයේදී සිදු කරන ලද ෆයර්වෝල් හි පළමු අත්හදා බැලීමත් සමග මන්දගාමී බ්‍රවුස් කිරීමේ වේගය, සමාජ මාධ්‍ය වේදිකා අත්තනෝමතික ලෙස අවහිර කිරීම වැනි ගැටළුවලට හේතු වුණා.

පකිස්තාන මෘදුකාංගකරුවන්ගේ සංගමයට (P@SHA) අනුව, ජාතික ෆයර්වෝල් ක්‍රියාවට නැංවීම සමග සිදු වූ අන්තර්ජාල බාධා කිරීම් හේතුවෙන් රටේ ආර්ථිකයට ඩොලර් මිලියන 300ක් දක්වා අහිමි විය හැකි බවට ගණන් බලා තිබෙනවා.

පාකිස්තානයේ අන්තර්ජාල වේගය සියයට 30 ත් 40 ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බැවින් බොහෝ ව්‍යවසායකයින් දැන් පකිස්ථානය හැර යාමට සැලසුම් කර ඇතැයි සඳහන්.

විශ්ලේෂකයින් තර්ක කරන්නේ නව ෆයර්වෝලයට සැබෑ ආරක්ෂිත අගයක් නොමැති අතර එය මූලික වශයෙන් පකිස්ථානයේ දේශපාලන අදහස් පාලනය සඳහා වූ මෙවලමක් බවයි.

හමුදා ප්‍රධානී ජෙනරාල් අසීම් මුනීර්, පකිස්ථානයේ “අරාජිකත්වය” පතුරුවා හැරීමේ මෙවලමක් ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරන බවට අනතුරු ඇඟවූවා.

පාකිස්තානයේ සමාජ මාධ්‍ය වේදිකාවල හමුදා විරෝධී අන්තර්ගතයන් ගලායාම පාලනය කිරීමට ආරක්ෂක ඒජන්සි අරගල කරමින් සිටිනවා.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් ගෝලීය සන්නිවේදන ආරක්ෂාව සම්බන්ධයෙන් නරකම රටවල් අතරට පාකිස්තානය ශ්‍රේණිගත කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26