AFC Banner
Empty Ad
Empty Ad

ලොව වයස්ගතම මිනිසාගේ විශේෂ රහස

ලොව වයස්ගතම මිනිසා 112 වැනි වියට පා තබමින් තම දීර්ඝායුෂ ගැන පැවසීමට “විශේෂ රහස්” නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා.

1912 අගෝස්තු 26 වන දින ලිවර්පූල් හි උපත ලැබූ ජෝන් ටින්නිස්වුඩ් ගිනස් ලෝක වාර්තාවක් තබමින් පවසා ඇත්තේ, තමා මෙතරම් කාලයක් ජීවත් වූයේ මන්දැයි යන වග ගැන තමන්ට කිසිම අදහසක් නොමැති බවයි.

ඒ අනුව ලොව වයස්ගතම පුද්ගලයා ලෙස එංගලන්තයේ ජෝන් ටිනිස්වුඩ් ගිනස් වාර්තා පොතට එක් වුණා.

ගිනස් වාර්තා අනුව ඔහුට එම ස්ථානය හිමිව ඇත්තේ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සඳහන් වූ ජුවාන් විසෙන්තේ පෙරේස් පසුගිය අප්‍රේල් මාසයේ දී අභාවප්‍රාප්ත වීම හේතුවෙන් බවයි බිබිසී පුවත් සේවය වාර්තා කරන්නේ.

තමාගේ නීරෝගී ජීවිතයට හේතුව ලෙස හෙතෙම පවසන්නේ ඔහු සිය තරුණ වියේ දී ඉතා ක්‍රියාශීලී වූ බවත් දෛනිකව වැඩි වේලාවක් ඇවිද්ද බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?