AFC Banner
Empty Ad
Empty Ad

මාර්ක් වුඩ් වෙනුවට ජෝෂ් හල් එංගලන්ත කණ්ඩායමට

මැන්චෙස්ටර් හි පැවති පළමු ටෙස්ට් තරගයේ දී අබාධයකට ලක් වූ එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ්ට ශ්‍රී ලංකාව සමඟ ඉතිරි තරග දෙක අහිමිව ගොස් තිබෙනවා.

ඒ, අනුව මාර්ක් වුඩ් වෙනුවට එංගලන්ත කණ්ඩායමට නවක වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් හල් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

අඩි හයයි අඟල් 07ක උසකින් යුත් ජෝෂ් හල්, ලෙස්ටර්ෂයර් පිලේ දස්කම් දැක් වූ අතර, ඔහු මෑතකදී එංගලන්ත ලයන්ස් පිළ වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සිය මංගල තරගයට එක්වෙමින් ලකුණු 74කට කඩුලු 05ක් දවාගත්තා.

එම තරගයේ දී දැක්වූ දකෂතා හේතුවෙන් ජෝෂ් හල්ට මෙලෙස එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට එක්වීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?