AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දු-ලංකා නාවික සබඳතා ශක්තිමත් කරමින් INS මුම්බායි මෙරටට

ඉන්දීය නාවික හමුදාවට අයත් INS මුම්බායි යුද නෞකාව තුන්දින සංචාරයක් සඳහා අද (26) මෙරටට පැමිණීමට නියමිතයි.

එම නෞකාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ඩෝනියර් සමුද්‍ර මුර සංචාර ගුවන් යානා සඳහා අත්‍යවශ්‍ය අමතර කොටස් රැගෙන එනු ඇති බව මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

දෙරටේ නාවික හමුදා අතර සුහදතාව වර්ධනය කරගැනීම ද, එම සංචාරයේ එක් අරමුණක් බවයි වාර්තා වන්නේ.

INS මුම්බායි නෞකාව, මෙරටට පැමිණෙන පළමු අවස්ථාව ද මෙය වනවා.

එය මෙම වසරේ දිවයිනට පැමිණෙන අටවන ඉන්දීය නෞකාව බව ද, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබෙනවා.

INS මුම්බායි ලබන 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?