රට ආරක්ෂා කිරීමට සෑම දෙයක්ම කරනවා – බෙන්ජමින් නෙතන්යාහු

රට ආරක්ෂා කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කිරීමට තම රජය අධිෂ්ඨාන කරගෙන සිටින බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයට අද රොකට් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායලය ද ගුවන් ප්‍රහාර එල්ල කළා.

ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ප්‍රහාර දියත් කිරීමෙන් පසු දකුණේ ප්‍රදේශවල පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි.

එවැනි යුද වාතාවරණයක බෙන්ජමින් නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා හදිසි ආරක්ෂක කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා.

පසුගිය ජූලි මාසයේ දී බේරූට්හිදී ඊශ්‍රායල හමුදාව විසින් සිය අණදෙන නිලධාරී ෆුවාඩ් ෂුක්ර් මරාදැමීමට පළිගැනීමක් ලෙස හිස්බුල්ලා සංවිධානය අද මෙම ප්‍රහාර එල්ල කළා.

මේ අතර ඊශ්‍රායල හමුදාව පවසන්නේ ගාසා තීරයේ සහ ලෙබනනය සමඟ එහි උතුරු මායිමේ පෙරමුණු දෙකකින් යුද්ධයක් කිරීමට වුවද සූදානම් බවයි.

හිස්බුල්ලා සතුව රොකට් 150,000ක් පමණ ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර ඇතැම් ඒවාට ඊශ්‍රායලය පුරා ඉලක්ක වෙත ළඟා වීමට හැකියාව පවතින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මේ අතර ඊශ්‍රායලයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය හිස්බුල්ලා ප්‍රහාර හේතුවෙන් තාවකාලික අත්හිටුවීමකින් පසු රටේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සහ ඉන් පිටතට ගුවන් ගමන් නැවත ආරම්භ කළ බව නිවේදනය කර තිබෙනවා.

මේ අතර ලෙබනනයේ අගමැති නජීබ් මිකාටි පසුගිය පැය කිහිපය තුළ සිදු වූ ප්‍රහාරයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔහුගේ නිවසේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බව එරට ජාතික පුවත් ඒජන්සිය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?