බෝලෙ මාරු කරලා වාසි අරන් තරගය දිනූ එංගලන්තයට දෝෂාරෝපණ

එංගලන්ත සමඟ පැවති පළමු ටෙස්ට් තරගය පරාජයට පත්වීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදු වුණා.

ශ්‍රී ලංකාව පරාජය කරමින් එංගලන්තය මෙම තරගය ජයගත්තේ කඩුලු පහකින්.

මෙම තරගයේ දී එංගලන්ත කණ්ඩායම සිදුකළ ‘අසාධාරණ’ පන්දුව වෙනස් කිරීම මේ වනවිට ක්‍රිකට් පිටිය තුළ ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

මෙලෙස අසාධාරණ පන්දුව වෙනස් කිරීම තුළින් සත්කාරකයින් තරගයේ වාසිය හරවා ගත් බවයි ශ්‍රී ලංකා ප්‍රවීන තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේ.

මැන්චෙස්ටර් හි පැවති පළමු ටෙස්ට් තරගයේ දී සත්කාරක ක්‍රීඩකයින්ට පන්දුව මාරු කිරීමේ තීරණයක් ලැබීමෙන් පසු මතභේදයක් ඇති වූ අතර එය අසාධාරණ තීරණයක් ලෙස මේ වනවිට කතාබහක් මතුව තිබෙනවා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී එංගලන්තය නියමිත කාලසීමාවට පෙර නව පන්දුවක් ලබාගෙන නව පන්දුවේ වේගය සහ දෝලනය ඔවුන්ගේ වාසියට හරවා ගත්තා.

ඒ, වනවිට ශ්‍රී ලංකාව දෙවන ඉනිමට කඩුලු 04ක් දැවී ලකුණු 146ක් ලබාගෙන සිටි අතර, මැතිව්ස් ලකුණු 59ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 33ක් ලබාගෙන සිටියා.

එම අවස්ථාවේ දී පන්දුව ද පිතිකරුන්ට වාසිදායක ලෙස හැඩගැසී තිබූ අතර, ඉන් උපරිම වාසිය ගනිමින් මැතිව්ස් සහ කමිඳු පහසුවෙන් පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟුවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී එංගලන්ත ක්‍රීඩකයින් පරණ පන්දුවට හානි වී ඇති බව පවසමින් නව පන්දුවක් ලබා ගැනීමටයි කටයුතු කළේ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පිතිකරුවන්ට පහසුවෙන් ලකුණු රැස් කිරීමට තිබූ අවස්ථාව ඇහිරී ගොස් කඩුලු බිඳ වැටීම ආරම්භ වුණා.

එංගලන්ත කණ්ඩායම එලෙස කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට තරගයේ අමතර වාසියක් හිමිවූ බවත්, එය තරගයේ අවසන් ප්‍රතිඵලයට ප්‍රබල හේතුවක් වූ බවයි බොහෝ දෙනෙක් දෝෂාරෝපණ එල්ල කළේ.

මේ අතර පසුගිය වසරේ අළු බඳුන තරගාවලියේ ඕවල් ටෙස්ට් තරගයේදී ද එංගලන්තය මෙවැනිම ආකාරයෙන් පන්දුව මාරුකර විවේචනයකට ද ලක් වුණා.

  1. පන්දුව ඉනිම අතරමැද දී මාරුකරනකොට එතෙක් පාවිච්චි කරපු පන්දුවට සමානව ගෙවුන පන්දුවක් දෙපිලේම ක්‍රීඩකයන්ගේ අනුමැතිය ඈතුව මාරුකරන නිසා අසාධාරණයක් වෙන්නෙ නැහැ.

  2. එතන පැහැදිලිවම අසාධාරණයක් වෙලා තියෙනවා.පරණ වෙච්ච පන්දුවක් නැහැ කියලා විනිසුරුවරුන් කියපු කතාවකුත් news එකක දැක්කා.youtube එකේ තියෙනවා stump mic එකෙන් ඇන්ජලෝ සහ කමිඳු ball change එකෙන් පස්සේ කතා කරන එකක්.ඒකෙත් පැහැදිලිවම දෙන්නා මේ කාරණාව කියනවා.
    ඒක නිසා මහත්වරු අපහාසාත්මක වදන් දීලා අසාධාරණයට ලක්වුනු කෙනාට ගරහන්න එපා.හරියට update වෙලා යථාවබෝධය ලබා ගන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41