AFC Banner
Empty Ad
Empty Ad

බෝලෙ මාරු කරලා වාසි අරන් තරගය දිනූ එංගලන්තයට දෝෂාරෝපණ

එංගලන්ත සමඟ පැවති පළමු ටෙස්ට් තරගය පරාජයට පත්වීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදු වුණා.

ශ්‍රී ලංකාව පරාජය කරමින් එංගලන්තය මෙම තරගය ජයගත්තේ කඩුලු පහකින්.

මෙම තරගයේ දී එංගලන්ත කණ්ඩායම සිදුකළ ‘අසාධාරණ’ පන්දුව වෙනස් කිරීම මේ වනවිට ක්‍රිකට් පිටිය තුළ ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

මෙලෙස අසාධාරණ පන්දුව වෙනස් කිරීම තුළින් සත්කාරකයින් තරගයේ වාසිය හරවා ගත් බවයි ශ්‍රී ලංකා ප්‍රවීන තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේ.

මැන්චෙස්ටර් හි පැවති පළමු ටෙස්ට් තරගයේ දී සත්කාරක ක්‍රීඩකයින්ට පන්දුව මාරු කිරීමේ තීරණයක් ලැබීමෙන් පසු මතභේදයක් ඇති වූ අතර එය අසාධාරණ තීරණයක් ලෙස මේ වනවිට කතාබහක් මතුව තිබෙනවා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී එංගලන්තය නියමිත කාලසීමාවට පෙර නව පන්දුවක් ලබාගෙන නව පන්දුවේ වේගය සහ දෝලනය ඔවුන්ගේ වාසියට හරවා ගත්තා.

ඒ, වනවිට ශ්‍රී ලංකාව දෙවන ඉනිමට කඩුලු 04ක් දැවී ලකුණු 146ක් ලබාගෙන සිටි අතර, මැතිව්ස් ලකුණු 59ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 33ක් ලබාගෙන සිටියා.

එම අවස්ථාවේ දී පන්දුව ද පිතිකරුන්ට වාසිදායක ලෙස හැඩගැසී තිබූ අතර, ඉන් උපරිම වාසිය ගනිමින් මැතිව්ස් සහ කමිඳු පහසුවෙන් පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟුවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී එංගලන්ත ක්‍රීඩකයින් පරණ පන්දුවට හානි වී ඇති බව පවසමින් නව පන්දුවක් ලබා ගැනීමටයි කටයුතු කළේ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පිතිකරුවන්ට පහසුවෙන් ලකුණු රැස් කිරීමට තිබූ අවස්ථාව ඇහිරී ගොස් කඩුලු බිඳ වැටීම ආරම්භ වුණා.

එංගලන්ත කණ්ඩායම එලෙස කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට තරගයේ අමතර වාසියක් හිමිවූ බවත්, එය තරගයේ අවසන් ප්‍රතිඵලයට ප්‍රබල හේතුවක් වූ බවයි බොහෝ දෙනෙක් දෝෂාරෝපණ එල්ල කළේ.

මේ අතර පසුගිය වසරේ අළු බඳුන තරගාවලියේ ඕවල් ටෙස්ට් තරගයේදී ද එංගලන්තය මෙවැනිම ආකාරයෙන් පන්දුව මාරුකර විවේචනයකට ද ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
167
+1
109
+1
22
+1
49
+1
18
+1
45
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?