අනතුරකින් පසු STF නිලධාරියාට පහර දී ජීප් රථයට හානිකළ සිද්ධියේ ලොක්කා අල්ලයි (ඡායාරූප)

කටුපොත ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකා ජීප් රථයක් අනතුරකට ලක්වූ අවස්ථාවේ එහි නිලධාරීන්ට පහර දී ජීප් රථයට අලාභ හානි සිදුකළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගෙන ප්‍රධාන සැකකරු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, ජීව උණ්ඩ සහ යුධ හමුදා නිල ඇදුම් සොයා ගත බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මෙම සැකකරු යුධ හමුදා විශේෂ බලකායෙන් පළාගිය පුද්ගලයෙක් බවට අනාවරණය වී තිබෙනවා.

කටුපොත පොලිස් වසමේ මිනුවන්ගොඩ – වේයන්ගොඩ මර්ගයේ යකටුව ප්‍රදේශයේ දී ඊයේ (24) මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

පසුගිය 20 වනදා කටුපොත පොලිස් වසමේ දී විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු ජීප් රථයක් සමඟ අනතුරට පත් වූ අවස්ථාවේ එහි අසල සිටි පිරිසක් ඉතා අමානුෂික අන්දමින් එම නිලධාරියාට පහර දී ජීප් රථයට ද හානිකර තිබුණා.

එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුයි ඊයේ දිනයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 34ක කටුපොත, අලහිටියව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර සැකකරු රදවා ගැනීමේ නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරණු ලබනවා.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු ද මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නාරම්මල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබෙනවා.

  1. හරියටම සොයා බලා දාන්න සමාජ මාද්‍ය තුල…. රෙජිමේන්තුව කුමක්ද යන වග, බූට් යුවල් කොල පාට වෙල්වට් දාන්නෑ විශේෂ බලකායෙ… එයාර් මොබයිල් කොල පාට බූට්…Ok



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12