AFC Banner
Empty Ad
Empty Ad

අනතුරකින් පසු STF නිලධාරියාට පහර දී ජීප් රථයට හානිකළ සිද්ධියේ ලොක්කා අල්ලයි (ඡායාරූප)

කටුපොත ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකා ජීප් රථයක් අනතුරකට ලක්වූ අවස්ථාවේ එහි නිලධාරීන්ට පහර දී ජීප් රථයට අලාභ හානි සිදුකළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගෙන ප්‍රධාන සැකකරු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, ජීව උණ්ඩ සහ යුධ හමුදා නිල ඇදුම් සොයා ගත බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මෙම සැකකරු යුධ හමුදා විශේෂ බලකායෙන් පළාගිය පුද්ගලයෙක් බවට අනාවරණය වී තිබෙනවා.

කටුපොත පොලිස් වසමේ මිනුවන්ගොඩ – වේයන්ගොඩ මර්ගයේ යකටුව ප්‍රදේශයේ දී ඊයේ (24) මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

පසුගිය 20 වනදා කටුපොත පොලිස් වසමේ දී විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු ජීප් රථයක් සමඟ අනතුරට පත් වූ අවස්ථාවේ එහි අසල සිටි පිරිසක් ඉතා අමානුෂික අන්දමින් එම නිලධාරියාට පහර දී ජීප් රථයට ද හානිකර තිබුණා.

එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුයි ඊයේ දිනයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 34ක කටුපොත, අලහිටියව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර සැකකරු රදවා ගැනීමේ නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරණු ලබනවා.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු ද මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නාරම්මල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
5
+1
80
+1
6
+1
2
+1
6
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?