AFC Banner
Empty Ad
Empty Ad

බිරිඳගේ මරණයෙන් පසු තරුණ සැමියාත් කනේරු ඇට කා මියයයි

මන්නාරම රෝහලේ දී සිදුකළ දරු ප්‍රසූතියෙන් පසුව ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් කාන්තාවක් පසුගිය ජුලි 28 වනදා මියගොස් තිබෙනවා.

මේ අතර එම කාන්තාවගේ 27 හැවිරිදි ස්වාමිපුරුෂයා ඊයේ (24) රාත්‍රියේ වවුනියාව,පණික්ක මහිලන්කුලම ප්‍රදේශයේ දී කනේරු ඇට ආහාරයට ගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වුණේ.

මෙම පුද්ගලයා කනේරු ඇට ආහාරයට ගැනීමෙන් පසු සිහි මුර්ජා වී සිටිය දී, ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුගිය දින කිහිපය තුළ ම මෙම පුද්ගලයා දැඩි ලෙස සිත්තැවුලකින් කාලය ගතකර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

බිරිඳ මියයාම සහ අලුත උපන් බිළිඳා සමඟ තනිව ජීවත්වීම සම්බන්ධයෙන් මොහු මෙලෙස සිත්තැවුලෙන් කාලය ගතකර ඇති අතර, ඒ හේතුවෙන් මෙලෙස කනේරු ඇට ආහාරයට ගෙන සියදිවි නසාගන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

මිය ගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව, ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
23
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?