බිරිඳගේ මරණයෙන් පසු තරුණ සැමියාත් කනේරු ඇට කා මියයයි

මන්නාරම රෝහලේ දී සිදුකළ දරු ප්‍රසූතියෙන් පසුව ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් කාන්තාවක් පසුගිය ජුලි 28 වනදා මියගොස් තිබෙනවා.

මේ අතර එම කාන්තාවගේ 27 හැවිරිදි ස්වාමිපුරුෂයා ඊයේ (24) රාත්‍රියේ වවුනියාව,පණික්ක මහිලන්කුලම ප්‍රදේශයේ දී කනේරු ඇට ආහාරයට ගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වුණේ.

මෙම පුද්ගලයා කනේරු ඇට ආහාරයට ගැනීමෙන් පසු සිහි මුර්ජා වී සිටිය දී, ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුගිය දින කිහිපය තුළ ම මෙම පුද්ගලයා දැඩි ලෙස සිත්තැවුලකින් කාලය ගතකර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

බිරිඳ මියයාම සහ අලුත උපන් බිළිඳා සමඟ තනිව ජීවත්වීම සම්බන්ධයෙන් මොහු මෙලෙස සිත්තැවුලෙන් කාලය ගතකර ඇති අතර, ඒ හේතුවෙන් මෙලෙස කනේරු ඇට ආහාරයට ගෙන සියදිවි නසාගන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

මිය ගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව, ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
23
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03
Video thumbnail
ලාල්කාන්ත කිසිම නඩුවක් දාන්නේ නෑ නෙවෙයි දාන්න බෑ..කීර්තිනාමය නැති කෙනෙක්ගේ කොහොමද පළුදු වෙන්නේ
04:40
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18