තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් – බෙදාහැරීම හෙට සිට

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර, මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා.

තැපැල් ඡන්ද පත්‍රිකා 90 බැඟින් ඇතුළත් වෙන්කර ඇති පැකට් හෙට (26) තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එලෙස ලැබෙන ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ද හෙට (26) දිනයේ සිටම බෙදාහැරීම ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර හෙට (26) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මැතිවරණය අවසන් වනතෙක් සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

එළඹෙන ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සැප්තැම්බර් 04 සිට 06 වනදා දක්වා සිදු කිරීමට නියමිතයි.

මෙම දිනයන්වල දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රජයේ සේවකයන්ට සැප්තැම්බර් 11 සහ 12 යන දින දෙක අමතර දෙන ලෙස වෙන්කර තිබෙනවා.

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41