AFC Banner
Empty Ad
Empty Ad

ශිකර් ධවාන් ක්‍රිකට් ගමන නවතා දමයි (වීඩියෝ)

දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන ශිකර් ධවාන් නිවේදනය කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ රසිකයන් වෙත හැඟීම්බර පණිවිඩයක් තබමින් ඊයේ ඔහු සිය සමුගැනීම නිවේදනය කළා.

ධවාන් අවසන් වරට 2022 වසරේ බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලියක දී ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ අතර,ඉන් අනතුරුව ඔහුට ජාතික කණ්ඩායමේ දොරටු විවර වූයේ නැහැ.

පසුගිය වසර කිහිපය තුළ ශුබ්මන් ගිල්, ඉෂන් කිෂාන්, අභිෂේක් ශර්මා, යෂශ්වි ජයිස්වාල් ඇතුළු අනෙකුත් තරුණ ආරම්භක පිතිකරුවන් ඔහුගේ ස්ථානයට අභියෝග කිරීම ඊට ප්‍රධාන හේතුවක් වුණා.

මෙම වමත් පිතිකරුවා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 34කට, එක්දින තරග 167කට සහ විස්සයි විස්ස තරග 68කට ක්‍රීඩා කර තිබෙනවා.

සිය එක්ස් ගිණුමට වීඩියෝවක් එක්කරමින් ශිකර් ධවාන් පැවසුවේ ක්‍රීඩා දිවිය පුරාවට ඔහුට ලැබුණු ආදරය සහ සහයෝගය වෙනුවෙන් ඔහුගේ රසිකයින්ට මෙන්ම සංගම්වලට ස්තූතිය පුදකර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?