ශිකර් ධවාන් ක්‍රිකට් ගමන නවතා දමයි (වීඩියෝ)

දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන ශිකර් ධවාන් නිවේදනය කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ රසිකයන් වෙත හැඟීම්බර පණිවිඩයක් තබමින් ඊයේ ඔහු සිය සමුගැනීම නිවේදනය කළා.

ධවාන් අවසන් වරට 2022 වසරේ බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලියක දී ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ අතර,ඉන් අනතුරුව ඔහුට ජාතික කණ්ඩායමේ දොරටු විවර වූයේ නැහැ.

පසුගිය වසර කිහිපය තුළ ශුබ්මන් ගිල්, ඉෂන් කිෂාන්, අභිෂේක් ශර්මා, යෂශ්වි ජයිස්වාල් ඇතුළු අනෙකුත් තරුණ ආරම්භක පිතිකරුවන් ඔහුගේ ස්ථානයට අභියෝග කිරීම ඊට ප්‍රධාන හේතුවක් වුණා.

මෙම වමත් පිතිකරුවා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 34කට, එක්දින තරග 167කට සහ විස්සයි විස්ස තරග 68කට ක්‍රීඩා කර තිබෙනවා.

සිය එක්ස් ගිණුමට වීඩියෝවක් එක්කරමින් ශිකර් ධවාන් පැවසුවේ ක්‍රීඩා දිවිය පුරාවට ඔහුට ලැබුණු ආදරය සහ සහයෝගය වෙනුවෙන් ඔහුගේ රසිකයින්ට මෙන්ම සංගම්වලට ස්තූතිය පුදකර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41