AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඩිජිටල් මැතිවරණ ක්‍රමය අත්හදා බැලිය හැකියි – ජනපති

මැතිවරණ ක්‍රමය ඩිජිටල්කරණය කිරීම සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා යටතේ පත් කළ කොමිෂන් වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා
ඩිජිටල් මැතිවරණ ක්‍රමය අත්හදා බැලිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ඊයේ (22) පැවති තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ හමුවට එක්වෙමින්.

“දේශයේ අනාගතය කේතකරණය” යන තේමාව යටතේ මෙම හමුව සංවිධානය කර තිබු අතර කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් නිර්මාණය කර ඇති “පෙපර්” නම් රොබෝවකු විසින් හමුව සඳහා පැමිණි ජනාධිපතිවරයා පිළිගැනීම විශේෂත්වයක්.

මෙම හමුවේ ප්‍රධාන දේශනය ලෝක බැංකුවේ ඩිජිටල් සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ සිද්ධාර්ථ රාජා මහතා විසින් සිදු කරනු ලැබුවා.

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්ම මහත්මීන් මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරත විද්වතුන්, වෘත්තිකයින්, ව්‍යාපාරිකයින් ආයෝජකයින් ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Coding the Nations Future 4 1
Coding the Nations Future 3
Coding the Nations Future 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?