ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඩිජිටල් මැතිවරණ ක්‍රමය අත්හදා බැලිය හැකියි – ජනපති

මැතිවරණ ක්‍රමය ඩිජිටල්කරණය කිරීම සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා යටතේ පත් කළ කොමිෂන් වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා
ඩිජිටල් මැතිවරණ ක්‍රමය අත්හදා බැලිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ඊයේ (22) පැවති තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ හමුවට එක්වෙමින්.

“දේශයේ අනාගතය කේතකරණය” යන තේමාව යටතේ මෙම හමුව සංවිධානය කර තිබු අතර කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් නිර්මාණය කර ඇති “පෙපර්” නම් රොබෝවකු විසින් හමුව සඳහා පැමිණි ජනාධිපතිවරයා පිළිගැනීම විශේෂත්වයක්.

මෙම හමුවේ ප්‍රධාන දේශනය ලෝක බැංකුවේ ඩිජිටල් සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ සිද්ධාර්ථ රාජා මහතා විසින් සිදු කරනු ලැබුවා.

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්ම මහත්මීන් මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරත විද්වතුන්, වෘත්තිකයින්, ව්‍යාපාරිකයින් ආයෝජකයින් ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Coding the Nations Future 4 1
Coding the Nations Future 3
Coding the Nations Future 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08