AFC Banner
Empty Ad
Empty Ad

අනිල් අම්බානිට කෝටි 25ක දඩයක් – වසර 05ක තහනමකුත් පනවයි

රිලයන්ස් හෝම් ෆිනෑන්ස් සමාගමේ හිටපු ප්‍රධාන නිලධාරී ඇතුළු ඉන්දීය කර්මාන්තකරුවෙක් වන අනිල් අම්බානිට රුපියල් කෝටි 25ක දඩයක් පැනවීමට ඉන්දීය සුරැකුම්පත් හා විනිමය මණ්ඩලය නියෝග කර තිබෙනවා.

ඊට අමතරව ඔහුට වසර 05ක කාලයක් සුරැකුම්පත් වෙළඳපොළ ද තහනම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනිල් අම්බානිට අමතරව ඔහුගේ පාලනය යටතේ පවතින ආයතන 24කට සුරැකුම්පත් වෙළඳපොළ මෙලෙස වසර 05කට තහනම් කිරීමට කටයුතු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම රිලයන්ස් හෝම් ෆිනෑන්ස් හි සුරැකුම්පත් වෙළඳපොලෙන් මාස හයකට තහනම් කර රුපියල් ලක්ෂ 06ක දඩයක් ද නියම කර තිබෙනවා.

අනිල් අම්බානි රිලයන්ස් හෝම් ෆිනෑන්ස් හි ප්‍රධාන කළමනාකාරීත්වයේ නිලධාරීන්ගේ සහාය ඇතිව, රිලයන්ස් හෝම් ෆිනෑන්ස් වෙතින් ඔහුට සම්බන්ධ ආයතනවලට ණය ලෙස වෙස්වළා ගැනීමේ වංචනික ක්‍රමයක් සැලසුම් කර ඇති බවට අනාවරණය වීමත් සමඟ මෙම නියෝග නිකුත්කර තිබෙනවා.

ඉන්දීය සුරැකුම්පත් හා විනිමය මණ්ඩලය විසින් ඊට එරෙහිව පිටු 222කින් යුත් නියෝගක් නිකුත්කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?