ගුවනින් ආ විදෙස් දුම්වැටි තොගය (වීඩියෝ)

අබුඩාබි සිට මෙරටට ගුවනින් ආ දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙම අත් අඩංගුවට ගැනීම ඊයේ (22) පස්වරු 3.18ට පමණ සිදු වූ බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

EY390 ගුවන් යානයෙන් අබුඩාබි සිට පැමිණි පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 පිරිමි පුද්ගලයකු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද මැන්චෙස්ටර් වර්ගයේ සිගරට් කාටූන් 108 ක් රේගු භාරයට ගැනුණා.

එහි වෙළෙඳපොළ වටිනාකම: රු. මිලියන 2.2ක් පමණ වන බවයි ගුවන්තොටුපළ රේගු නිලධාරීන් පැවසුවේ.