අතිශය ප්‍රසිද්ධ වූ සමලිංගික පෙන්ගුයින් යුවළෙන් අයෙක් මියයයි

සමානාත්මතාවය සඳහා ගෝලීය සංකේතයක් බවට පත් වූ ඔස්ට්‍රේලියානු ජෙන්ටූ පෙන්ගුයින් (gentoo penguin) විශේෂයක කොටසක් වූ ස්පෙන්, මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සත්ත්වයා මියගොස් ඇත්තේ 11 වයසෙදි බවයි.

පිරිමි පෙන්ගුයින් සත්ත්වයෙක් වන ස්පෙන්, වාසය කළ සිඩ්නි හි මින්මැදුරේ ප්‍රකාශකයින් සඳහන් කළේ මෙම මරණය ස්වභාවික හේතූන් මත සිදුවූවක් වන බවයි.

ස්පෙන් 2018 වසරේ දී ගෝලීය කීර්තියට පත් වූයේ සෙසු පිරිමි ජෙන්ටූ පෙන්ගුයින් සත්ත්වයෙක් වන ‘මැජික්’ සමඟ පවත්වන ලද හාදකම මතයි.

ඒ අනුව ඔවුන් දෙදෙනා අභිජනන කාලයට පෙර එකට ඇවිදිමින් සහ පිහිනමින් සිටිනු දැකීම ජාත්‍යන්තර මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්ව තිබුණා.

පසුව ඔවුන් දෙදෙනා කවුරුත් හඳුන්වනු ලැබුවේ “Sphengic” ලෙසයි.

ස්පෙන් – මැජික් ‍යුවළ වඩාත් කතාබහට ලක්වීමට තවත් හේතුවක් නම්, ඔවුන් දෙදෙනා එක්ව ලාරා සහ ක්ලැන්සි නම් පැටවුන් දෙදෙනෙකු ඇති දැඩි කිරීමයි.

ස්පෙන්ගේ මියයාම පිළිබඳව සිඩ්නි මින්මැදු‍රෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, වයස අවුරුදු 8ක් වන මැජික්ව ස්පෙන්ගේ සිරුර දැකීමට ද රැගෙන ගිය බවයි.

ඒ, මැජික්ට සිය සහකරු නැවත නොඑන්නේ මන්දැයි තේරුම් ගැනීමට හැකිවන පරිදියි යනුවෙන් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20