කලපුවක පාවෙමින් ආ මළසිරුර

හබරාදුව පොලිස් වසමේ රූමස්සල සිමින්ති කම්හල ඉදිරිපිට කලපුවෙහි පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (22) පෙරවරුවේ හමු වී ඇතැයි පොලිසිය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; පොලිසිය සඳහන් කරන පරිදි මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල නාකියාදෙණිය පදිංචි 30
හැවිරිදි වියෙහි පසුවන පුද්ගලයකු බවයි.

මෙම මරණය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මෘතදේහය කරාපිටිය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්