AFC Banner
Empty Ad
Empty Ad

City Cup ජාත්‍යන්තර යොවුන් බොක්සි තරගාවලියට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පිටව යයි

තායිවානයේ , තායිපේ නුවර පැවැත්වීමට නියමිත 14 වන ” සිටි කප් ” (City Cup) ජාත්‍යන්තර යොවුන් බොක්සිං තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා යොවුන් බොක්සිං කණ්ඩායම ඊයේ (21) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ; ලෝකයේ ආරාධිත රටවල් 08 ක සහභාගීත්වයෙන් පවත්වන මෙම ජාත්‍යන්තර බොක්සිං තරගාවලිය අද (22) සිට එළඹෙන 26 දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා යොවුන් බොක්සිං කණ්ඩායම නියෝජනය කරමින් මෙරට බොක්සිං ක්‍රීඩාවේ නිරත පාසැල් 06 කින් තෝරා ගත් ක්‍රීඩකයින් 06 දෙනෙකු මෙම තරගාවලිය සඳහා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔවුන් ඊයේ රාත්‍රී 08.35 චීනයේ ෂැංහයි නුවර බලා පිටත්ව ගිය චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් නික්ම ගිය බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?