AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය වෛද්‍යවරියගේ අනන්‍යතාව හෙළිවන සියලු දෑ වහාම ඉවත් කරන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පසුගිය 09 වැනිදා ඉන්දියාවේ කොල්කටා නගරයේ රෝහලක දී සමූහ දූෂණයට ලක් ව ඝාතනයට ලක් වූ කනිෂ්ඨ සීමාවාසික වෛද්‍යවරියගේ නම, ඡායාරූප සහ ඊට අදාළ සියලු ම වීඩියෝ දර්ශන වහාම
සමාජ මාධ්‍ය වෙතින් ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද (21) යළිත් කැඳවමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව කිසිදු සමාජ ජාලා වෙබ් අඩවියක හෝ, මුහුණුපොතක හෝ ඇයගේ නම, වීඩියෝ දර්ශන හෝ ඡායාරූප නොතිබිය යුතු බවයි අධිකරණය දැනුම්දි ඇත්තේ.

ඇයගේ අනන්‍යතාව හෙළි කිරීම පිළිබඳව වන පෙත්සමක් නීතිඥවරුන් විසින් අධිකරණයට ගොනු කරනු ලැබීමෙන් පසු එය විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබෙනවා.

මෙම පෙත්සම සලකා බැලීමෙන් පසු ඉන්දී‍ය ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේ ලිංගික අතවරයකට ලක් වී ඝාතනය වූවෙකුගේ අනන්‍යතාව හෙළි කිරීම සහ ප්‍රචාරණය කිරීම ‘නිපුන් සක්සේනා’ නඩු විභාගයේ තීන්දුව දැඩිව උල්ලංඝනය කිරීමක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
10
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?