AFC Banner
Empty Ad
Empty Ad

තලතා මන්ත්‍රී ධුරය අත්හරියි (වීඩියෝ)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා.

අද (21) පෙරවරුවේ ඇය පාර්ලිමේන්තු සභා වාරය ඇමතීමෙන් පසුව සිය නිල තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

තමන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි බවත්; සිය ජනතාව වෙනුවෙන් උපරිම සාධාරණය කිරීම පිණිස මෙම තීන්දුව තමන් ගන්නා බවත් මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කළා.

තලතා අතුකෝරළ යනු ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී, පුරුෂභාවය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරිය ද වනවා.

තලතා අතුකෝරළ සිය 20 වසරක් සපිරෙන දේශපාලන ජීවිතයේ සිව් වසරක පමණ කාලයක් ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කළා.

එමෙන්ම ඇය යහපාලන ආණ්ඩුව සමයේ අධිකරණ අමාත්‍යවරිය වශයෙන් කටයුතු කළ වෘත්තීය නීතිඥවරියක්.

එමෙන්ම ඇය සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
4
+1
15
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?