රෝහල්වලින් ඉවතලන එන්නත් කුප්පි පාසලක අසලකට ගෙනැවිත් දාලා – ගම්වාසීන්ගෙන් චෝදනා

රෝහල්වලින් ඉවත් කරන රාජ්‍ය ලාංඡනය සහිත වීදුරු බෝතල් හා කුප්පි පිරවූ ගෝනි 12 ක් ප්‍රධාන බාලිකා පාසලක් අසල හා කුඹුරු මාර්ගයක් අසල දමා යාමේ පුවතක් වාර්තා වී තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ හිඟුරක්ගොඩ නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන පෙළේ බාලිකා පාසලක් අසලයි.

මෙලෙස රජයේ රෝහලක භාවිත කළ අපද්‍රව්‍ය මාර්ගය අවට අනිසි අයුරින් දමා යාම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් උද්ගත ව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

විශේෂයෙන් ම රෝහල් අපද්‍රව්‍ය පාසලක් අසල දමා යාමෙන් නිරන්තරයෙන්ම එම පාසලේ ඉගෙනුම ලබන පාසල් දරුවන් ද දැඩි අවදානමකට මුහුණ පා තිබෙනවා.

මෙවැනි අපද්‍රව්‍ය සහිත ගෝනි 12ක් මාර්ගයේ ස්ථාන 05ක අතහැර ගොස් ඇති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්