ඉන්දීය අගැමති මෝදි හෙට පෝලන්තයට

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අගෝස්තු 21 සිට 23 දක්වා පෝලන්තයේ සහ යුක්‍රේනයේ නිල සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

අගමැති මෝදිගේ මෙම සංචාරය වසර 45කට පසු ඉන්දීය අගමැතිවරයකු පෝලන්තයට කරන පළමු සංචාරය වනු ඇති.

නවදිල්ලිය සහ වෝර්සෝ 2024 දී රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සනිටුහන් කරමින් මෙම සංචාරය සිදුවනවා.

අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක්ගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා හෙට පෝලන්තයට පැමිණීමට නියමිතයි.

පෝලන්ත සංචාරයෙන් පසු අගමැති මෝදි යුක්රේනයට යන්නේ ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්සිකිගේ ආරාධනයකට අනුවයි.

1992 දී දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙක් යුක්රේනයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14