AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය අගැමති මෝදි හෙට පෝලන්තයට

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අගෝස්තු 21 සිට 23 දක්වා පෝලන්තයේ සහ යුක්‍රේනයේ නිල සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

අගමැති මෝදිගේ මෙම සංචාරය වසර 45කට පසු ඉන්දීය අගමැතිවරයකු පෝලන්තයට කරන පළමු සංචාරය වනු ඇති.

නවදිල්ලිය සහ වෝර්සෝ 2024 දී රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සනිටුහන් කරමින් මෙම සංචාරය සිදුවනවා.

අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක්ගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා හෙට පෝලන්තයට පැමිණීමට නියමිතයි.

පෝලන්ත සංචාරයෙන් පසු අගමැති මෝදි යුක්රේනයට යන්නේ ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්සිකිගේ ආරාධනයකට අනුවයි.

1992 දී දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙක් යුක්රේනයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?