අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරා නුවර අහසේ යැවූ අයෙක් අත්අඩංගුවට

මහනුවර ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර වීදී සංචාරය කරන අතරතුර දී ශ්‍රී දළදා
මාලිගාවට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් යොමුකර ඡායාරූප ගැනීමට උත්සහා කළ පුද්ගලයෙකු මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අදාළ ඩ්‍රෝන කැමරාව පියාසර කරනු නිරීක්ෂණය වීමෙන් පසු ඩ්‍රෝන ජෑමරය උපයෝගී කර ගනිමින් එය පහත හෙළීමට ගුවන් හමුදාව කටයුතු කර ඇති බවයි.

ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි කිරීමකින් පසු එම ඩ්‍රෝන කැමරාව දළදා මැදුරට නුදුරින් පිහිටි හෝටල් පරිශ්‍රයක තිබී සොයා ගෙන තිබෙනවා.

එම ස්ථානයෙන් සැක කටයුතු ලෙස ගමන් ගත් මෝටර් රථයක් සම්බන්ධයෙන් ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් මහනුවර පොලීසියට කළ දැනුම්දීමකින් අනතුරුව අදාළ මෝටර් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මහනුවර පදිංචි 47 හැවිරිදි ඡායාරූප ශිල්පියෙකු ඡායාරූප ලබා ගැනීමේ අරමුණින් මෙම ඩ්‍රෝන කැමරා ගුවන්ගත කර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරා ගුවන්ගත කළ නොහැකි බවත්; ශ්‍රී දළදා මාලිගාවට අයත් අධි ආරක්ෂිත කලාපයට එවැන්නක් යොමු කිරීම බරපතළ ගැටලු ඇති කරන්නක් බවත් පොලීසිය සඳහන් කළා.

මේ අතර තුන්වන රන්දෝලි පෙරහර දින ද මහනුවර වැව රවුමේ සිට තරුණයින් දෙදෙනෙකු ඩ්‍රෝන
කැමරාවක් පෙරහර සීමාවට යොමු කර තිබිය දී ගුවන් හමුදා නිලධාරීන් විසින් එය බිම
හෙළා අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගැනුණු බව ද වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21
Video thumbnail
නාමල් වරෙන්කෝ ගමට තොපිට ඉදලෙන් ග#හන්නේ - මුන් බොරු කිය කිය වටේ යනවා
04:51
Video thumbnail
වේවැල්කදුර - වැල්ලවාය මාර්ගය ජලයෙන් යටවෙයි ..වාහන ගමනාගමනයටත් බාධා
01:36
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ අන්තරේ සෙට් එක රැය පහන් කරන්න සූදානම්
01:06
Video thumbnail
ජනාධිපතිතුමා කියන දේ කරනවා - අපේ ඇඟ හිරිවැටිලා යනවා
00:53
Video thumbnail
තිස්සකුට්ටි ජනාධිපතිට දාපු කින්ඩිය - ජනාධිපතිතුමා කියන දේ කරනවා
01:16
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම දන්න බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38