AFC Banner
Empty Ad
Empty Ad

වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති ඒකදේශික කකුළුවෙක් හමුවෙයි

දැඩි ලෙස වඳවිමේ තර්ජනයට ලක්ව ඇති ඒකදේශීය කකුළු විශේෂයක් වන (පැස්ටිලා රුහුණ) Pastilla ruhuna නමැති මිරිදිය කකුළු විශේෂය පළමු වරට ගාල්ල නගරය ආශ්‍රිත පරිසරයෙන් හමුව ඇති බව ශ්‍රී ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ අධ්‍යාපන නිලධාරීයෙකු වන ක්‍රිෂාන් වේවැල්වල මහතා පවසනවා.

මෙම කකුළු විශේෂය වාර්තා වි ඇත්තේ ගාල්ල – කරාපිටිය ආශ්‍රිත ප්‍රදේශයෙන්.

2001 දී සිංගප්පූරු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Peter K. L. (පීටර් කේ.එල්) මහතා සහ Francis Jay (ෆ්‍රැන්සිස් ජේ) මහතා විසින් ද මෙම මිරිදිය කකුළු විශේෂය ගැන විද්‍යාත්මකව විස්තර කර ඇති බවයි
වාර්තා වන්නේ.

මෙම කකුළුවා ප්‍රථමයෙන්ම හමු වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ රක්ෂිත ස්ථාන දෙකකින් වන අතර; ජනාකීර්ණ ප්‍රදේශයකින් හමු වූ පළමු අවස්ථාව ද මෙය වනවා.

මොවුන් රාත්‍රී කාලයේ දී පමණක් දැකගත හැකි සත්ත්ව විශේෂයක් බවටත් පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?