ක්ලබ් වසන්තගේ ඝාතකයින් යළිත් උසාවියට

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනා සහ තවත් සිව්දෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ මේ වනවිට (20) බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 11 දෙනා යළිත් අධිකරණයට පමුණුවා තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අත්අඩංගුවට ගත් සැකකරුවන් ලැයිස්තුවේ එක් සැකකාරිණියක් ද සිටින අතර; ඔවුන් අද පෙරවරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ බවයි.

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් වන සන්හිල් සමූහයේ අධිපති ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනයට ලක් වූයේ අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය ජුලි මස 08 වැනිදා එක් ව සිටි අවස්ථාවේ දී යි.

ක්ලබ් වසන්ත හා නයන වාසුල නමැති දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ අතර, මෙරට සුප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

මෙම වෙඩි ප්‍රහාරය මේ වනවිට ඩුබායි හි සැඟවී සිටින ලොකු පැටී සහ යුරෝපයේ සැඟවී සිටින බවට සැක කෙරෙන කංජිපානි ඉම්‍රාන් නමැති පාතාල කල්ලි සාමාජිකයින් විසින් මෙහෙයවනු ලැබූ බවයි පොලිස් විමර්ශනවල දී හෙළිව ඇත්තේ.

කෙසේවෙතත් මෙම සිද්ධියට සම්බන්ධ ටැටූ ආයතනයේ හිමිකරු වන දුලාන් සංජු නමැත්තා, ඝාතනයට සහාය දුන් කාන්තාවක් ඇතුළු 11 දෙනෙකු අත් අඩංගුවට වරින් වර ගැනුණු අතර; එම සැකකරුවන් 11 දෙනා අද දිනයේ දී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

බන්ධනාගාර බස් රථය ඉදිරිපිටින් සහ පිටුපසින් ජීප් රථ දෙකක් ගිනි අවි සහිත පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ අදාළ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ආ අතර සිද්ධිය සම්බන්ධයෙන් වූ නීති කෘතිය අද දහවල් අධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිත බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08