AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දයට ලක්ෂ 07 කට අධික පිරිසක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් ලක්ෂ 07 කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පොලීසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඒ අතර වන බවයි.

මෙම පිරිස පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට සුදුසුකම් ලැබූ පිරිස ඉක්මවා යාමක් බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා සැප්තැම්බර් මස 05 හා 06 යන දින දෙක වෙන්කර ඇති අතර, එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 දෙදින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කර තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා වෙන්කර ඇත්තේ සැප්තැම්බර් 04 වන දිනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?