Empty Ad
AFC Banner
Empty Ad

සිසිලි දූපතේ ගමන් කළ යාත්‍රාවකට ටොනෙඩෝ ප්‍රහාරයක් – හයක් අතුරුදන් – කාර්‍යය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයෙකුත්

ඉතාලි දූපත් අතරින් ප්‍රධානතම දූපතක් වන සිසිලියට එල්ල වූ ටොනේඩෝ ප්‍රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් සයදෙනෙකු අතුරුදන් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; අයහපත් කාලගුණික තත්ත්වයක් පැවති අවස්ථාවක දී සිසිලි දූපතට ඔබ්බෙන් මෙම ටොනාඩෝව ඇති වී දූපතේ නැංගූරම් ලා තිබූ සුඛෝපභෝගී යාත්‍රාවක් ගිලී යාමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.

අතුරුදන් වූ පුද්ගලයින් සයදෙනාව මෙතෙක් සොයාගෙන නොමැති අතර; එක් අයෙකුගේ මළසිරුර සොයාගෙන ඇති බව ඉතාලි බලධාරීන් පැවසුවා.

ඉතාලියේ වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශකයෙකුට අනුව මෙම සිදුවීම අද අලුයම 05ට පමණ සිදු ව ඇත්තේ යාත්‍රාව නැංගුරම් ලා තිබූ මධ්‍යධරණී දූපතේ පෝටිසෙලෝ වරායේ සිට සැතපුම් භාගයක් පමණ එපිටින්.

ටොනේඩෝවෙන් බලපෑම් එල්ල වන විට එම යාත්‍රාවේ පුද්ගලයින් 20කට අධික ප්‍රමාණයක් සිට ඇති අතර; 15 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

තුවාල ලැබූ එක් දරුවෙකු ගුවනින් පැලර්මෝ හි ළමා රෝහල වෙත රැගෙන ගොස් තිබෙන බව‍යි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉතාලියේ වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශකයාට අනුව යාත්‍රාවේ කපිතාන් දිවි ගලවාගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍ය ධජයක් යටතේ යාත්‍රා කරන “බේසියන්” නම් වූ මීටර් 56ක් දිගැති මෙම අනතුරට ලක් වූ යාත්‍රාවේ බ්‍රිතාන්‍ය මගීන් සහ කාර්ය මණ්ඩලය සිටි බවට විශ්වාස කෙරෙනවා.

ඊට අමතරව ඇන්ග්ලෝ- ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙක්, නවසීලන්ත ජාතිකයෙක්, අයර්ලන්ත ජාතිකයෙක් සහ එක් ශ්‍රී ලාංකිකයෙක් සිටි බවයි ප්‍රකාශකයා සීඑන්එන් වෙත පවසා ඇත්තේ.

ඉතාලි ගිනි නිවන හමුදාව පැවසුවේ එහි කිමිදුම්කරුවන් මුහුදු මට්ටමේ සිට මීටර් 49 (අඩි 160) පහළින් පිහිටි යාත්‍රාවේ බඳට ළඟා වූ බවයි.

සෝදිසි මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා ඉතාලි බලධාරීන් හෙලිකොප්ටර් ද පිටත් කර ‍යවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රටට වෙන්න යන දේ හිතාගන්න බෑ - ඉක්මණට රනිල්ගේ උපදෙස් ගන්න
09:58
Video thumbnail
රනිල්ට එක කෝල් එකෙන් ට්‍රම්ප්ට්ට ගන්න පුළුවන් - රාජිත රහස් සියල්ල එළියට දායි
06:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:03:55
Video thumbnail
රාජිත JVP එක නැත්තට නැති කරයි - විජේවීර කියන්නේ පට්ට ද්‍රෝහියෙක්
07:00
Video thumbnail
රාජිත ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි
09:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
29:37
Video thumbnail
ජනපති අනුර කරපු හොඳම කතාව
31:39
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23

?