සිසිලි දූපතේ ගමන් කළ යාත්‍රාවකට ටොනෙඩෝ ප්‍රහාරයක් – හයක් අතුරුදන් – කාර්‍යය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයෙකුත්

ඉතාලි දූපත් අතරින් ප්‍රධානතම දූපතක් වන සිසිලියට එල්ල වූ ටොනේඩෝ ප්‍රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් සයදෙනෙකු අතුරුදන් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; අයහපත් කාලගුණික තත්ත්වයක් පැවති අවස්ථාවක දී සිසිලි දූපතට ඔබ්බෙන් මෙම ටොනාඩෝව ඇති වී දූපතේ නැංගූරම් ලා තිබූ සුඛෝපභෝගී යාත්‍රාවක් ගිලී යාමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.

අතුරුදන් වූ පුද්ගලයින් සයදෙනාව මෙතෙක් සොයාගෙන නොමැති අතර; එක් අයෙකුගේ මළසිරුර සොයාගෙන ඇති බව ඉතාලි බලධාරීන් පැවසුවා.

ඉතාලියේ වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශකයෙකුට අනුව මෙම සිදුවීම අද අලුයම 05ට පමණ සිදු ව ඇත්තේ යාත්‍රාව නැංගුරම් ලා තිබූ මධ්‍යධරණී දූපතේ පෝටිසෙලෝ වරායේ සිට සැතපුම් භාගයක් පමණ එපිටින්.

ටොනේඩෝවෙන් බලපෑම් එල්ල වන විට එම යාත්‍රාවේ පුද්ගලයින් 20කට අධික ප්‍රමාණයක් සිට ඇති අතර; 15 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

තුවාල ලැබූ එක් දරුවෙකු ගුවනින් පැලර්මෝ හි ළමා රෝහල වෙත රැගෙන ගොස් තිබෙන බව‍යි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉතාලියේ වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශකයාට අනුව යාත්‍රාවේ කපිතාන් දිවි ගලවාගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍ය ධජයක් යටතේ යාත්‍රා කරන “බේසියන්” නම් වූ මීටර් 56ක් දිගැති මෙම අනතුරට ලක් වූ යාත්‍රාවේ බ්‍රිතාන්‍ය මගීන් සහ කාර්ය මණ්ඩලය සිටි බවට විශ්වාස කෙරෙනවා.

ඊට අමතරව ඇන්ග්ලෝ- ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙක්, නවසීලන්ත ජාතිකයෙක්, අයර්ලන්ත ජාතිකයෙක් සහ එක් ශ්‍රී ලාංකිකයෙක් සිටි බවයි ප්‍රකාශකයා සීඑන්එන් වෙත පවසා ඇත්තේ.

ඉතාලි ගිනි නිවන හමුදාව පැවසුවේ එහි කිමිදුම්කරුවන් මුහුදු මට්ටමේ සිට මීටර් 49 (අඩි 160) පහළින් පිහිටි යාත්‍රාවේ බඳට ළඟා වූ බවයි.

සෝදිසි මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා ඉතාලි බලධාරීන් හෙලිකොප්ටර් ද පිටත් කර ‍යවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09